Friday, December 29, 2023

සහල් ඇටයෙන් විශ්මිත සිතුවම් මවන අපූරූ සිත්තරාගේ දස්කම්

 


තාක්ෂණය දියුණුවත් සමගම ලෝකයේ විවිධාකාරයේ අලුත් සොයා ගැනීම් කරලියට එනවා.විශේෂයෙන්ම ලංකාව වගේ රටක මේ වගේ නව නිෂ්පාදන සිදු කරන ඒවගේම නව තාක්ෂණයන් සොයා ගන්න පුද්ගලයන් රැසක් ඉන්නවා.හැබැයි අවාසනාවකට ඔවුන්ට අත හිත දෙන්න කවුරුත්ම නැහැ.

නමුත් තමන්ගේ කුසලතාව තුළින් අලුත්ම නිර්මාණ ශෛලයක් හඳුන්වා දීපු හරි අපූරු පුද්ගලයෙක් ගැන කියන්න තමයි අපි අද මේ සූදානම් වෙන්නේ.ඔහු නමින් මහනුවර පදිංචි ලොකු ලියනගේ දයානන්ද.ඔහුට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔහු මයික්‍රෝ ආටිස් කෙනෙක් එහෙමත් නැත්නම් ශුද්‍ර කලාවේදියෙක්.

ඔහුගේ මේ සිත්තම් කලාව අපූර්ව හා විශ්මිත සිත්තම් කලාවක් වෙන්නේ ඔහුට හැකියාව තියෙනවා සහල් ඇටයක් මත සිතුවමක් නිර්මාණය කරන්න.ඔහු අද වෙද්දි මයික්‍රෝ ආටිස් කෙනෙක් විදිහට පැන්සලේ තුඩේ විවිධ නිර්මාණ සිද්ධ කරනවා.එයට අමතරව සහල් ඇටවල රත්තරන් කැබලි වලත් මේ ආකාරයේ ඉතාමත් ආකර්ෂණය නිර්මාණ සිතුවම් කරනවා.

ඔහු මේ කලාව ඉගෙනගෙන තියෙන්නේ පුංචි කාලෙ ඉඳලම පියාගේ ආභාෂයෙන් පුංචි කාලෙ ඉඳලම ඔහුට චිත්‍ර අඳින්න පුළුවන්.මීට කලින් ඔහු ව්‍යාපාරයක නිරත වෙලා හිටියත් ඔහුට ඒ ව්‍යාපාරය සාර්ථකව කරගන්නට හැකියාව නොලැබුණ නිසා මේ කලාවෙන් වැඩක් ගන්න ඔහු තීරණය කරනවා.youtube video බලලා සරල උපකරණ කීපයක් ඇරගෙන තමයි දයානන්ද මේ වැඩේට ආරම්භය තියන්නේ.

අද වෙද්දි ඒ උත්සහය ඉතාමත් හොඳින් සාර්ථක වෙලා තියෙනවා. ඔහු ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ සිතුවම් මේ විදියට සහල් ඇටයකට සිත්තම් කරලා තියෙනවා.ඒ වගේම මේ නිර්මාණයක් කිරීමට අවම වශයෙන් දින තුන හතරක් ගත වෙනව ඊට වඩා වැඩි කාලයක් වුණත් වැය වෙන නිසා නිර්මාණය අවසන් කරන තෙක්ම භාවනාවක් කරන ආකාරයෙන් තමයි මේ තුළ නිරත වෙන්න ඕනේ.

බැරිවෙලා හරි අත්වැරදීමක් වුනොත් සම්පූර්ණයෙන්ම මේ නිර්මාණය නැවත සකස් කරන්න ඕනේ.

ඉතින් අනාගතයේදී සහල් ඇටයෙන් සිත්තම් නිර්මාණය කොට ගිනස් වාර්තාවක් තියන්නත් ඔහු සූදානමින්.ඔහුගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබපැතුම් එක් කරන්නෙමු.




Thursday, December 21, 2023

ශ්‍රී ලංකාවේ ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායමක් ජාත්‍යන්තරය ජය ගනී.

 



නිරන්තරයෙන්ම අපි ලංකාවෙන්  බිහිවන නව නිෂ්පාදන පිළිබඳව ඒ වගේම අලුත් තාක්ෂණයන් ඊටත් අමතරව විවිධ ව්‍යාපාර සහ සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ඉතින් සුපුරුදු පරිදි අදත් මේ සූදානම් වෙන්නේ ලංකාව නියෝජනය කරමින් ලබාගත් සුවිශේෂී වූ ජයග්‍රහණයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි.

පසුගියදා tournament of minds නැමති අන්තර්ජාතික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක වුණා.මේ අන්තර්ජාතික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන නියෝජනය කිරීමට ලංකාවෙනුත් කණ්ඩායමක් පිටත් වුණා.

මේ කණ්ඩායම සමන්විත වුණේ ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්. ඒ වගේම ලංකාව වගේම තවත් කණ්ඩායම් එකසිය තිස් හයක් මේ තරගාවලිය නියෝජනය කළා.ඉතින් මේ රටවල් එකසිය තිස් හය අතරින් මේ වැඩසටහන නියෝජනය කිරීමට ශ්‍රී ලංකාව එක් වුණේ “ serendib synapse යන නාමයෙන්.

මේ සම්මේලනය ඔක්තෝම්බර් 15 වෙනිදා සෙට 19 වෙනිදා දක්වා පැවැත්වුණු අතර කැනඩාවේ මොන්ට්‍රියල් නගරය මූලික කරගනිමින් තමයි තරගාවලිය පැවැත්වුණේ.මේ තරගාවලිය අපට සුවිශේෂී තරගාවලියක් බවට පත්වෙන්නේ එයාකාරයෙන් නියෝජනය කරමින් ලංකාවෙන් ගිය කණ්ඩායමේ සියලුම විශේෂඥ  වෛද්‍යවරුන්ගේ උත්සාහය සහ කැපවීම මත අපිට පළමු ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබුණා.

මීට කලින් මේ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ තවත් කණ්ඩායමක් රිදී පදක්කම දිනාගෙන තිබෙනවා.පළමු ස්ථානය දිනාගනිමින් ලංකාවේ නම ජාත්‍යන්තරය තුළ බබළවන්නට වෙහෙස වූ මේ ස්නායු වෛද්‍ය කණ්ඩායමට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Tuesday, December 19, 2023

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර තලයට රැගෙන ගිය ලංකාවේ කිල්මිෂා යාෂීසායි


 

ලංකාව කියන්නේ පුංචි දූපතක් උනත් මේ රට තුළ ජීවත්වන බහුතරයක් දෙනා විවිධ දේවල් වලට දක්ෂතාවයන් දක්වන හරි අපූරු ජන කොට්ඨාසයක්.අපේ රට තුළ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ජාත්‍යන්තර තලය දක්වාම අපේ ලංකාවේ නාමය බබළවන්න උත්සාහ කරන දරුවන් ඒවගේම ඒවගේම පුද්ගල කොට්ඨාසත් ඒ අතර ඉන්නවා.

අපි නොයෙකුත් අවස්ථාවන්වලදී ඒ විදිහට ලංකාවේ ඉපදිලා ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ලාංකික අපේම අය පිළිබඳව කතා කළා.ඉතින් අද අපි කියන්න යන්නේ ඒ විදිහට නැවත වතාවක්  ශ්‍රී ලංකාව කියන රටේ නම තව තවත් බබලවන්නට සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දුන් දැරියක් පිළිබඳවයි.

ඇය නමින් කිල්මිෂා යාෂිසායි වන අතර ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් වන සී ටැමිල් නාලිකාවේ සරිගමප  little champions season 3 තරගාවලියට සහභාගී වුණා.ඉතින් මේ තරගාවලියේ අවසන් මහා  තරඟය පැවැත්වුණේ පසුගිය 14 වැනිදා රාත්‍රියේ

ඒ සඳහා ඉතාමත් පෙර සූදානමකින් සහභාගි වූ කිල්මිෂා දියණියට  අවසානයේ තරගකරුවන් සියලුම දෙනා අභිබවා පළමු ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබුණා.ඉතිං අපි මුලින් සඳහන් කළා වගේම මේ ජයග්‍රහණයට අවශ්‍ය විශේෂී ජයග්‍රහණයක් බවට පත්වුණේ   ඉන්දීය රියලිටි තරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා වශයෙන් ඇය ඉතිහාස ගතවූ නිසයි.

ඒ වගේම මේ තරගාවලිය සඳහා තවත් ශ්‍රී ලාංකික තරගකරුවන් දෙදෙනෙක් සම්බන්ධ වී සිටි අතර ඔවුන්ට අවසන් වටේ සඳහා තරඟ කිරීමට අවස්ථාව උදාවුණේ නැහැ.කිල්මිෂා යාපනයේ චුන්ඩිකුලි කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඇය මේ වන විට වයස අවුරුදු 14ක දැරියකි.

ඉතින් ලංකාවේ නම ජාත්‍යන්තර තලයට ඔසවා තැබූ ඇයට අපිත් හදවතින්ම සුභාශන එක්  කරන්නෙමු

Thursday, December 14, 2023

තම උත්සාහයෙන් ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත්කරගත් දිරියෙන් ජීවිතය දිනන්නට උත්සාහ දරන ජානකී

 



අපි හැමෝටම ජීවිතය තුළ ජීවත් වෙද්දී සිහින තියෙනවා.මේ සිහින එකින් එක හැබෑ කරගන්න තමයි කොයි කවුරුත් උත්සහ කරන්නේ.හැබැයි නිකම්ම බලාගෙන හිටියොත් නම් මේ හීන හැබෑ කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ නැහැ.අද අපි කියන්න යන්නේ තමන්ගෙ ජීවිතය තමන් දැකපු ලස්සන සුන්දර සිහින එකින් එක හැබෑ කරගත්ත තවත් දිරිය කාන්තාවක් පිළිබඳවයි.


ඇය ගාල්ලේ මිනුවාම් ගොඩ ප්‍රදේශයේ පදිංචි ජානකී නමැති කාන්තාවක්.ජානකය ගැන කතා කරන්නේ පුංචියට පටන් ගත්තු ඇඳුම් ව්‍යාපාරයක් තුළින් අද වන විට ඇය ජීවිතය ජයග්‍රහණය කළ නිසයි.ජානකී මුලින්ම මහන්න පටන් අරන් තියෙන්නේ ළමා ඇඳුම්.


මහත්තයාගේ වැටුපෙන් ජීවත් වෙන්නම ඕනි කියලා හිතන කාන්තාවන්ට ජානකී කියන්නේ වෙනස් කතාවක්.ඇය කියන්නේ මහත්තයාට කරදර කරන්න බැරි නිසා ඇය තමන්ගේ අතටත් කීයක් හරි එන්න ඕනි ව්‍යාපාරයක් පටන් ගත්තා කියලයි.


ළමයි ඇඳුම් මැහුවට පස්සේ ඇයට අවශ්‍ය වෙනවා සාරි හැට්ට මහන්න ඉගෙන ගන්න.ඊට පස්සේ ඇඳුම් මහන්න දන්නැති බොහෝ කරුණු ඉගෙන ගන්න අය වැඩමුළුවකට සහභාගී වුණා.ඉතාමත් හොඳින් ඉගෙන ගත් පස්සෙ ජානකීට අවස්ථාව උදාවුනා තමන්ගෙම කියලා ලස්සන ව්‍යාපාරයක් සුළුවට පටන් ගන්න.


ඉන් අනතුරුව ඇයට අවශ්‍ය  වෙනවා මනමාලියන්ගේ ඇඳුම් මහන්න.ඊට පස්සේ ඇය තමන්ගෙ ව්‍යාපාරය joanna bridal  යන නමින් පවත්වාගෙන යන්න තීරණය කරනවා.මේ වෙදි ඇය ළඟ ස්ථීර වශයෙන් සේවිකාවන් දෙදෙනෙක් වැඩ කරනවා.


ඉතින් ඉදිරියටත් ඇයගේ මේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු කර ගැනීමට ඇයට හැකියාව ලැබේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Tuesday, December 12, 2023

හුවාවී සමාගමේ සහයත් සමඟම ලංකාවේ පාසල් ඩිජිටල්කරණයට



 අලුත් තාක්ෂණයක් සමගම ලංකාවේ ඉදිරි ගමන පිළිබඳව  වර්තමාන ජනාධිපතිතුමා විවිධ ආකාරයේ ජාත්‍යන්තර සාකච්ඡා පවත්වනවා.එහි ප්‍රතිඵලයක් විදිහට චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුභ පණිවිඩයක් ලැබිලා තියෙනවා

ඒ තමයි හුවාවී සමාගම ශ්‍රී ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට දැක්වූ කැමැත්ත.  ජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් ලොකු දියුණුවක් නැහැ.

ඒ නිසාම චීන රජය මෙන්ම හුවාවී සමාගම ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය පළ කරන බවට අදහස් දැක්වූවා.



ඊට අමතරව අනාගත ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ ඉතා තරගකාරී ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා මූලික පදනම මෙවන විට සැකසෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා.

මීට අමතරව හුවා වී සමාගම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කීපයක් ඉලක්ක ගත කරගෙන අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධ ආධාර උපකාර සැපයීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා කියලත් සදහන්.

කෙසේ නමුත් තාක්ෂණයත් සමගම දියුණු වෙන ලෝකය තුළින් ඩිජිටල්කරණය ඌ අධ්‍යාපන රටාවක් හරහා තාක්ෂණයෙන්  පරිපූර්ණ වූ පරපුරක් බිහි වේවා කියා අපිත් එක සිතින් බලාපොරොත්තු දල්වාගෙන ඉන්නෙමු.

Thursday, December 7, 2023

හය ආකාරයකට පන්දු යවා ලකුණු බිංදුවට කඩුලු අටක් ගත්ත කොළඹ පුංචි පැංචා

 


ක්‍රිකට් ගැන කතා කරද්දි පසුගිය කාලසීමාවේ ලංකාවට නම් ත්‍රිකට් ඒ තරම් සුබදායී ක්‍රීඩාවක් වුණේ නැහැ.හැබැයි මිනිස්සු කවදාවත් ක්‍රිකට් අතාරින්නෙත් නෑ. කොයිතරම් තරඟ පැරදුනත් මිනිස්සු ආයෙ ආයෙ මේ ක්‍රීඩාවට ආස කරනවා.ඒ වගේම ලොකු කුඩා විශේෂයෙන්ම පිරිමි පාර්ශ්වය බහුතරයක් දෙනා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා ඉදිරියට යන්න උත්සහ කරනවා.


ඉතින් අන්න ඒ විදිහට තමන්ගෙ උත්සාහයෙන් තරග ජයග්‍රහණය කරන්නට උනන්දු වෙන පුංචි පැංචෙක් ගැන තමයි මේ කියන්න සූදානම. මේ පුංචි පුතාත් ලංකාවේ බිහිවුණු මැණිකක්.


ඔහු අධ්‍යාපනය ලබන්නේ බම්බලපිටිය හින්දු විදුහලේ.මේ පුංචි පුතාගේ නම රිෂ් යුධාන්.ඉතින් ඔහු ගැන කතා කරන්න පටන් ගත්තේ, පසුගියදා බත්තරමුල්ල ජයවර්ධනපුර එම් ඩී එච් ජයවර්ධන විදුහල්පිලට එරෙහිව පැවති තරගයකදී කඩුලු අටක් දවා ගැනීම නිසයි


ඒවගේම තමයි ඒ අවස්ථාවේදී ඔහු ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට අවස්ථාව දුන්නේ නැහැ.ඒ කියන්නේ ලකුණු බින්දුවේදී තමයි කඩුලු අටක්ම දවා ගැනීම සිදු කළේ.මේ වෙද්දි 10 හැවිරිදි වියේ පසුවෙන මේ පුංචි පුතා විදුහලේ දහතුනෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සාමාජිකයෙක්.


අවසානයේ ඔහු විසින් සිදුකළ මේ ක්‍රියාව වසර 47 ක පාසල් ඉතිහාසය වෙනස් කළ වාර්තාවක් බවටත් සඳහන් වෙනවා.


කෙසේ නමුත් මේ ආදරණීය පුංචි පුතාට ක්‍රිකට් ක්‍රීඩාව තුළින්ම ඉදිරියට යන්න හැකියාව ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනායක කරන්නෙමු.


Monday, December 4, 2023

දුම් පිට කිරීමකින් තොරව ධාවනය වන පූර්ණ පරිසර හිතකාමි ස්කූටර් රථයක් නිර්මාණය කෙරු අබාන්ස් සමාගම



මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ හීනයක් තමයි තමන්ටම කියලා වාහනයක් මිලදී ගන්න එක.සමාන ආදායමක් හිමි පුද්ගලයෙක් නම් උත්සහ කරන්නේ බයිසිකලයක් හරි අරගෙන තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු සුව පහසු කරගන්න.ඉතිං මෙන්න මේ ආකාරයෙන් හැමෝටම මිලදී ගත හැකි ඒ වගේම මිලදී ගත යුතු ආකාරයෙන් නිර්මාණය  කෙරුය් හරි අපූරු නිෂ්පාදනයක් ගැන තමයි මේ කියන්න සූදානම..

අබාන්ස් ඔටෝ පුද්ගලික සමාගම විසින් yade electric scooter මාධ්‍ය මාදිලි තුනක් පසුගියදා හඳුන්වා දීම සිදු කළා.මේ අපූරු අවස්ථාව වෙළඳපොළට හඳුන්වා දීම සඳහා මේ සමාගම නියෝජනය කරමින් ආසියා පැසිෆික් කලාපයෙ සාමාන්‍ය අධිකාරි තුමා සහ ආසියා පැසිෆික් කලාපය අලවි අධ්‍යක්ෂක තුමා එවගේම අග්නිදිග ආසියාතික කලාපයේ අලවි අධ්‍යක්ෂක ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ නියෝජිතයන් කීපදෙනෙක්ම සම්බන්ධ වුණා.

මේ නව නිෂ්පාදනය සමන් දෙන කතා කරද්දි මේ electric scooter එක  උසස් තත්ත්වේ නවීන අංගෝපාංගයන් රැසකින් යුක්ත හැඩකාර නිමාවකින් යුත් නිෂ්පාදනයක්.  ඉතාම සුව පහසු ආකාරයෙන් ධාවනය කිරීමට හැකිවීමත් මේ නව නිෂ්පාදනයේ තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක්.

ඒ වගේම තමයි මේ ඉකූටර් රථය දුම් පිට කිරීමකින් තොරව ධාවනය වන නිසා පූර්ණ පරිසර හිතකාමි නිෂ්පාදනයක් කියලත් අපිට කියන්න පුළුවන්. ඒවගේම තමයි මේ ඉලෙක්ට්‍රික් ස්කූටරේ මිලදී ගන්නා ඕනෑම පාරිභෝගිකයකුට මාස 18ක විශ්වාසනීය වගකීමක් හිමි වන අතර චැසියට සහ බඳට වසර තුනක  වගකීමක්ද මෝටරයට වසර දෙකක වගකීමක්ද හිමිවෙනවා.

ඉතින් වායු දූෂණය කරන අහිතකර දුමකින් තොරව වාහනයක් පදවන්න ආස කරන පුද්ගලයෙක් නම් ඔයත් දෙපාරක් හිතන් නැතුව මේ electric scooterය මිලදී ගන්න අමතක කරන්න එපා.එවගේම මේ ආකාරයම තව තවත් නව නිෂ්පාදනයන් වෙළඳපොලට ඉදිළට ඉදිරිපත් කිරීමට අබාන්ස් ආයතනයට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

Saturday, December 2, 2023

මඩ සහිත එරෙන කුඹුරු වලත් හරි හරියට වැඩ කරන මෙරට ප්‍රථම බෝට් ට්‍රැක්ටරය



 ලංකාවේ විවිධ සමාගම් කාලෙන් කාලෙට විවිධ අංශ සඳහා ව සොයා සොයාගැනීම් වෙළඳපලට  හඳුන්වා දෙනවා. ඒ තුළින් කුඩා ව්‍යවසායකයන් ට එ වගේම මහා පරිමාණයෙන් ව්‍යාපාර සිදු කරන  ව්‍යාපාරිකයන්ට තමන්ගෙ ව්‍යාපාරයන් ඉතාමත් සාර්ථකව සිදුකර ගැනීමට විශාල සහයෝගයක් ලැබෙනවා.

ඉතින් අද අපි කියන්න යන්නේ ඒ ආකාරයෙන් ලංකාවේ සුප්‍රසිද්ධ සමාගමක් විසින් හඳුන්වා දුන්  හරි අපූරු නිෂ්පාදනයක් පිළිබඳව. DIMO සිය කෘෂිකර්ම අංශය වන DIMO agribusiness හරහා මෙරට ප්‍රථම බෝට් ටැක්ටරය වන  bison නැවත නිෂ්පාදනය වෙළඳපළට හඳුන්වාදීම සිදුකළා.

මේ නවතම නිෂ්පාදනය තියෙන සුවිශේෂී තත්ත්වය තමයි මේ ටැක්ටරය ඕනෑම කුඹුරක් සඳහා සුදුසු වන අතර එය ගැඹුරු එරෙන මඩ සහිත කුඹුරු වලත් සුවිශේෂී ආකාරයෙන් ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා.

ඒ වගේම මෙහි කැපී පෙනෙන තවත් ලක්ෂණයක් ලෙස හෙක්ටයාර් 1 ක භූමි ප්‍රදේශයක් පැයකට අඩු පැයකට අඩු කාලයකදී  සකස් කර අවසන් කිරීමේ හැකියාව තියෙනවා මේ තුළින් ගොවීන්ට කුඹුරු සැකසීමට යන වැඩිපුර කාල සීමාව අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම කුඹුරේ තත්ත්වය අනුව ගොවීන්ට මෙම ට්‍රැක්ටරය භාවිතා කිරීම මගින් 75% ක් 90% කින් කුඹුරු සැකසීමේ පිරිවැය අඩුකර ගැනීමටත් 70% ක පමණ ප්‍රතිශතයකින් කාලවේලාව ඉතිරි කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

තවද bison බෝට් ටැක්ටර් එවැනි යන්ත්‍ර මගින් ගොවීන් මට සමග සම්බන්ධ වීම අවම කර nun එවැනි අවාසනාවන්ත රෝගී තත්ත්වයන්ගෙන් තත්ත්වයන්ගෙන් බේරීමටත් හැකියාව ලැබෙනවා.

ඉතින් මේ අපූරු නව නිෂ්පාදිතය මිලදී අරගෙන දේශීය ගොවිතැනේ අසන්න වැඩිකරගැනීමට ඔයාටත් අවස්ථාව තියෙනවා.අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නො නගී කියලා  කියමනකුත් තියෙනවානේ ඉතින් අපේ අලුත් දේවල් අත්හදා බලන්න දෙපාරක් හිතන්න එපා.

Monday, November 13, 2023

අක්කර භාගයක මිරිස් වගා කොට මාස6ක් තුළ ලක්ෂ හැත්තෑවක් ඉපයූ ගොවියා

 


ලංකාවේ ජීවත් වෙන  බහුතරයක් දෙනාගේ මූලික ජීවනෝපාය බවට පත්වුණේ ගොවිතැන.එළවලුවක් පලතුරක්  වගා කරගෙන  දුක්මහන්සියෙන් ජීවිතය ගතකරන ගොවියෝත් ඒ අතර ඉන්නවා. ඉතින් අද කියන්න යන්නේ අන්න ඒ විදිහට ජීවිතය ජයගත්ත තවත් දක්ෂ ගොවි මහත්තයෙක් ගැන.

ඔබ ජීවත් වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රදේශයේ. පසුගිය කාලසීමාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අධි ඝනත්ව වගා ක්‍රමයක් යටතේ බීජ වගා කරන ආකාරය පිළිබඳව හඳුන්වා දීමක් සිදු කළා.ඒ හඳුන්වා දීමට අනුව ඔහු ඔහු මේ ක්‍රමය අත්හදා බලන්න උත්සුක වුණා.

ඉතින් ඔහුගේ උත්සාහය ප්‍රතිඵලයක් වශයෙන් අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ අක්කර බාගි1 මිරිස් වගා කර රුපියල් ලක්ෂ 70 ක් උපයා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා.

ඉතින් සාම්ප්‍රදායික ක්‍රමයක් යටතේ මේ මිනිස් කළ වගාව සිදු කළා නම් අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැල ප්‍රමාණය හය දාහක් පමණ.නමුත් අධි ඝනත්ව ක්‍රමය යටතේ වගා කිරීමේදී මිරිස් පැල දහතුන් දාහක ප්‍රමාණයක්  වගා කිරීමට හැකියාව ලැබිලා තියෙනවා.එමගින් මේ ගොවි මහත්මයාට තමන්ගේ අස්වැන්න කීප ගුණයකින් වැඩි කරගෙන අතමිට සරුවන ගානක් හොයාගන්න හැකියාව ලැබුණා.

මීට කලින් අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායමක් උපයා තිබුණේ යාපනය ගොවි මහත්තයෙක් වන අතර ඔහු රුපියල් ලක්ෂ 50ක මුදලක් උපයා තිබුණා.ඉන් අනතුරුව අනුරාධපුරේ ම තවත් ගොවි මහත්තයෙක් අක්කර භාගයක මිරිස් වගා කොට රුපියල් ලක්ෂ 60 ක් උපයා දැමූ වාර්තාව අද වන විට මේ සුවිශේෂී ගොවි මහත්මයාට  බිඳ දමන්නත් හැකියාව ලැබිලා තියෙනවා.

කොහො නමුත් ඔහුට මෙ වගාවසාර්ථක කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නොමද උත්සාහය ලැබුණු බවත් මතක් කළ යුතුමයි.


ඉතින් බොහෝ දේවල් පිටරටින් ගෙන්වන සමයක අපේම දේවල් වගා කරගෙන ජීවිතේ දිනන්න අපිට හැකියාව තියෙනවා නම් එය කොයිතරම් වටීවි ද?  මෙවැනි ගොවි මහතුන් තව තවත් මේ මිහිපිට පහළ වේවා කියන ප්‍රාර්ථනාවත් අපි එක් කරන්නට කැමතියි.

Tuesday, November 7, 2023

මැණික් කටුව ආශ්‍රිත රෝග සඳහා යොදාගත හැකි රොබෝ යන්ත්‍රයක් මොරටු සිසුන් විසින් නිෂ්පාදනය කරයි

 

අලුත් තාක්ෂණයත් එක්ක ලෝකෙ ඉහලට යද්දි ලංකාවේ බොහෝ අවස්ථාවන් වල දී ඒ තාක්ෂණයෙන් හරියටම වැඩ ගත්තු ගත්තු විවිධ පුද්ගලයන් පිළිබඳව අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් අද අපි කියන්න සූදානම් වෙන්නේ අන්න ඒ ආකාරයෙන් නව තාක්ෂණය ඔස්සේ හරි අපූරු නව නිෂ්පාදනයක්  හඳුන්වා දුන් පුද්ගල කණ්ඩායමක් පිළිබඳවයි.

සූපවේදීන් තේ දලු නෙලන වෘත්තිකයන් සහ ගුරුවරුන් ඒ වගේම තොරතුරු තාක්ෂණය අවශ්‍යත රැකියාවන් වල නිරත වෙලා ඉන්න බහුතරයක් දෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙන රෝගාබාධයක් තමයි මැණික් කටුව  ආශ්‍රිතව ඇති වන වේදනාවන්.

මෙම රෝගී තත්ත්වය කාපල්  ටනල්  සින්ඩ්‍රෝම් ලෙස තමයි වෛද්‍ය විද්‍යානුකූලව හඳුන්වන්නේ. මෙවැනි තත්වයක් ඇතිවුණොත් විට මූලිකම  අවධියේදීයි විවිධ ව්‍යායාම් ප්‍රතිකාර වශයෙන් සිදු කිරීමට චිකිත්සක වරු විසින් නිර්දේශ කරනවා.

එනිසා මම එම ව්‍යායාම් වලට සහය වෙන රොබෝ යන්ත්‍රයක් මොරටුව සරසවියේ අවසන් වසර සිසුන් විසින් නිර්මාණය කළා. මොරටුව සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු වෙන කුලුණු වීරසූරි,උදීශ කුමසාරු,සහ වර්ණිත නිපුන් යන සිසුන් තිදෙනා විසින් තමයි මෙන්ම මෙම නිර්මාණය සිදු කිරීම සිද්ධ කළේ.

මුලින්ම ඔවුන් රෝගීන්ට සිදු කරන ව්‍යායාම පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා.ඒ තුළින් අතේ ඇඟිලි සහ මැණික් කටුව ආශ්‍රිත ව ව්‍යායාම සිදු කළ හැකියි රොබෝවරයෙක් නිර්මාණය කරන්න ඔවුන් තීරණය කරනවා.

මේ සඳහා මාස අටක් නවයක් පමණ කාලයක් ගත කාලයක් ගත වූ අතර මේ උපකරණය මගින් මැණික් කටුව ආශ්‍රිත රෝගවලින් පෙළෙන බොහොමයක් රෝගීන්ට ඒ අවශ්‍ය ව්‍යායාම  සිදු කර ගැනීමට හැකියාව.

මේ රොබෝ යන්ත්‍රය මගින් මැණික් කටුව නැමීම ඉහලට එසවීම ඇගිලි වලට ව්‍යායාම සිදු කිරීම ඇතුළු  ක්‍රියාකාරකම් රැසක් සිදු කරනවා.ඉදිරියේදී තවත් වැඩිපුර  තාක්ෂණය යොදාගෙන මෙම නිර්මාණය වැඩිදියුණු කිරීමට ඔවුන් සූදානම්.

ඉතින් ඔවුන්ගේ ශක්තියෙන් ධෛර්යයෙන් තවත් මෙවැනිම නව නිර්මාණ බිහි  කිරීමට හැකියාව ලැබේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.





Sunday, October 29, 2023

දේශීය නිෂ්පාදකයන් නගා නගාසිටුවීම උදෙසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඩිජිටල්කරණයට

 නිෂ්පාදන අංශය ගත්තහම ලංකාවේ අලුත් දේවල් ගැන හිතන්න අලුත් දෙයක් කරන්න කැමති බෝහෝදෙනෙක්  ඉන්නවා.හැබැයි ඔවුන්ට අවශ්‍ය කරන සවිබලගැන්වීම කිසිදු ආයතනයක් මගින් හරි ආකාරව සිද්ධ කරන්නේ නැහැ.


ඒ දේවල් හේතු කොටගෙන වසර 2030 වන විට  මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් දක්වා වැඩි කිරීමට මේ වෙද්දි සැලසුම් සූදානම් කරලා තියෙනවා.


මේ වැඩපිළිවෙළ " ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපායමාර්ගික ක්‍රියාවලිය "නමින් තමයි ක්‍රියාවට නැංවෙන්නේ. මේ සඳහා ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහයෝගයක් හිමි වීම තවත් විශේෂ වූ දෙයක්.




මෙහි මූලික පියවර විදිහට ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය DigiGo සන්නාමය යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඩිජිටල් playbook නැමැති සංකල්පය එළිදැක්වීම පසුගිය දවසක සිදුකළා.


තිරසාර ආර්ථිකයක් උදෙසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ලබාගත හැකි සහ දැරිය හැකි දේශීය ඩිජිටල් සේවාවන් සඳහා යොමු කිරීම අරමුණ කරගනිමින් කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ තාක්ෂණික අමාත්‍යංශය අනුග්‍රහය යටතේ තමයි මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංගුවේ.


ලංකාවේ ආර්ථිකය ගත්තහම මෙරට ආර්ථිකයට සියයට පනස් දෙකක් පමණ දායකත්වයක් සපයන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින්.ඒ වගේම මෙරට ව්‍යාපාරික අංශයේ සීයට 75% කට වඩා වැඩි ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් සමන්විත වන අතර ඉන් අපනයන ක්ෂේත්‍රයට සීයට 20ක පමණ දායකත්වයක් ලබා දෙනවා.


එනිසාම මේ නවීන සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නංවාලීම මූලිකම අපේක්ෂාවයි.


එතුලින් ලංකළින් ලංකාවේ ආර්ථිකය තවතවත් දියුණු වේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

Thursday, October 19, 2023

ඉවතලන ද්‍රව්‍ය යොදාගෙන පැළ කළ හැකි පැන්සල්, වෙඩින් කාර්ඩ් නිර්මාණය කරමින් අලුත් ව්‍යාපාරයක් හඳුන්වාදුන් දිරියවන්තිය



 අලුත් අලුත් දේ කරන අලුත් අලුත් දේ සොයන පුද්ගලයන්ට ඇත්තටම ලෝකය ලස්සන කරන්න පුළුවන්. ලෝකයක් ඉස්සරහට යන්නනම් අලුත් අලුත් සිතුවිලි එවගේම නවෝත්පාදනයන් නිරන්තරයෙන්ම සිදු විය යුතුයි.


එවිට යාවත්කාලීන වූ ලෝකයක් තුළින් තවත් බොහෝ දුරට අනාගතය දකින්න පුළුවන්.අද අපි කියන්න සූදානම් වෙන්නේ  ඒ විදිහට ලංකාව කියන මේ පුංචි රටේ ඉදන් අලුත් දෙයක් කරන්න අලුත් දෙයක් සොයන්න උත්සාහ කරපු දිරිය කාන්තාවක් පිළිබඳවයි.


ඇය බෙන්තර ආරච්චි මුල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායිකාවක්.ඇයගේ ව්‍යාපාරය Agra Home and Event Designers වන අතර ඇය ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරන්නේ ඉවතන කඩදාසි ප්‍රතිචක්‍රිය කරමින්  විවිධ දේ ඒ හරහා නිෂ්පාදනය කිරීමයි.


ඇය ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදනය කරනු ලබන්නේ නැවත පැළ කළ හැකි පැන්සල් නිෂ්පාදනයක්.ඇය සඳහන් කරන ආකාරයට ඇය මේ නිෂ්පාදනය ලංකාවේ බහුතරයක් දෙනා අතරට යවන්නේ සීයට සීයක්ම දේශීය නිර්මාණයක් වශයෙන්.



ඒ කියන්නේ ඇය යන්ත්‍ර සූත්‍ර හා රසායනික ද්‍රව්‍ය බාවිතයෙන් තොරව අගේ දෑතින් ම මේ නිර්මාණ සිද්ධ කිරීම තමයි විශේෂත්වය.ඒ වගේම පෑන අසුරනු ලබන්නේ ඉවත ලන කඩදාසි හා තේ සෑදීමෙන් පසු ඉතිරි වන  තේ මණ්ඩි ප්රතිචක්රියකරණය කර නිපදවනු ලබන කඩදාසි බහාලුමක් ආධාරයකින්.


ඒ විතරක් නෙවෙයි පෑන්සලේ අග ඇති  ලී රදවනයක මිරිස් ඇට  ඇතුලත්  කර ඇති බැවින් පැන්සල ලියා අවසන් වූ පසුව එය පැල කිරීමට ද හැකියාව තියෙනවා.ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ පරිසර හිතකාමී පැන්සලක්  ලෙස ඇයගේ වෙළඳපොලට යැවීම තමයි ඇයගේ මූලිකම අරමුණ.




ඒ විතරක් නෙවෙයි ඉවත ලන විවිධ ද්‍රව්‍ය යොදාගෙන මංගල ඇරයුම්පත් නිෂ්පාදනය කිරීමටත් ඇයට හැකියාව තියෙනවා. මෙවැනි ක්‍රියාවලි තුළින් කඩදාසි අපද්‍රව්‍යයක් ලෙස පරිසරයට මුදා හැරීමෙන් සිදුවන හානිය අවම ගැනීමට අපට හැකියාව තියෙනවා.



ඉතින් ඇය විසින් ආරම්භ කරපු මෙ පුංචි ව්‍යාපාරය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.

Wednesday, October 18, 2023

දේශීය අනන්‍යතාවයන් රැසක් සමගින් නව නිෂ්පාදිතයන් වෙළඳපොළට හඳුන්වා දුන් දිරිය ව්‍යාපාරිකාව

 නීරෝගීකම උතුම්ම ධනය විදිහට තමයි අපි හැමෝම හිතන්න පුරුදුවෙලා ඉන්නේ.ඉතින් නිරෝගීකම පවත්වාගෙන යන්න අපිට බෙහෙවින්ම ඉවහල් වන ප්‍රධානම දෙයක් තමයි අපි එදිනෙදා බාවිතා භාවිතා කරන විවිධ ආහාරපාන.බහුතරයක් දෙනා  ආහාර පාන  වෙළඳපොලේ තිබුනත් සීයට සීයක්ම කාබනික පොහොර වලින් සකස් කළ එළවළු හා පලතුරුවලින් නිපද වූ දේවල් අපිට ලබාගැනීමට තියෙන්නේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයයි.


ඉතින් අද අපි කියන්න යන්නේ සීයට සීයක්ම කාබනික පොහොරින් සකස් කළ   එළවළු හා පලතුරුවලින් නව නිෂ්පාදන රැසක් ව්‍යාපාර ක්ෂේත්‍රයට හඳුන්වා දුන් දිරිය කාන්තාවක් පිළිබඳවයි.ඇය වත්තල ප්‍රදේශයේ පදිංචි නිර්මලා විජයරත්න මහත්මියයි.


ඇයගේ ව්‍යාපාරය sunshine යන වෙළෙඳ නාමයෙන් තමයි ලියා පදිංචි වෙලා තියෙන්නෙ.පුංචිම නිෂ්පාදනාගාරයක මෙහෙය වුනු ඇයගේ ව්‍යාපාරය අද වන විට නිෂ්පාදන පනස් දෙකක් පමණ වෙළඳපලට නිකුත් කිරීමට හැකි මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත්වී අවසන්.


ඇයගේ මේ සාර්ථක ගමන් මගේ ප්‍රධානම එක් ලක්ෂණයක් තමයි ඇය කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත නොකර කාබනික පොහොර භාවිතයෙන් තමයි එළවළු හා පලතුරුවලින් මේ සියලුම නිෂ්පාදිතයන් සිද්ධ කරන්නේ.කිසි වෙලාවක කෘතිම රසකාරක වර්න කාරකයන් ඇය කල්තබා  ගැනීම වෙනුවෙන් බාවිතා කරන්නේ නැහැ.ඒ නිසාම ඇයගේ සියලුම නිෂ්පාදන වල සැබෑ එළවළු සහ පලතුරු වල පැහැය දකින්නට ලැබෙනවා.


ඇය නිෂ්පාදනය කරන නිෂ්පාදිත අතර ඇය මුලින්ම කෝමාරිකා ජෙල් එකක් හදනවා,ඊට පස්සේ කෙසෙල්මුව වලින් සුවිශේෂී බැදුමක් එවගේම බිලිං,මාදන්,කාමරංකා නෙල්ලි වැනි පලතුරු යොදාගෙන විවිධ පාන වර්ග සහ මාළු ඇඹුල් තියාල් ඉස්සො බැදුම අච්චාරු වගේ නිෂ්පාදන රැසකුත් වෙළෙඳපොළ වෙනුවෙන් ලබා දෙනවා.


ඇය ලංකාවේ විවිධ ප්‍රදේශ වල කාබනික පොහොර පමණක් භාවිතා කර වගා කරන වගා කරුවන් ගෙන් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගන්න  නිසා සියයට සියයක්ම මේ ද්‍රව්‍ය වල කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැහැ කියලත් ඇයට සහතික කරන්න පුළුවන්.



ඇය මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුල ඉඳන්ම අවබෝධයක් තිබ්බ කෙනෙක්.ඇය ගෘහ ආර්ථික විද්‍යාව උගන්වන ගුරුවරියක්. එනිසාම කාලෙක පටන් ඇයට ආසාවක් තිබිලා තියෙනවා තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න.ඊට පස්සේ 2012 වර්ෂයේදී ඇය ප්‍රදර්ශනයකට සහභාගී වීම  සඳහා ඉල්ලීමක් කරනවා.ඇයගේ ඉල්ලීම සලකා බලා ඇයට අවස්ථාව ලැබුණා මේ ප්‍රදර්ශනයට සහභාගි වෙන්න.ඒ වෙද්දී ඇය ළඟ තිබුණෙ කෝමාරිකා ජෙල් එක සහ කෙසෙල් මුවවලින් පිළියෙල කළ බැදුම විතරයි.


කෙසේ නමුත් මුලදී ලොකු අත්දැකීමක් තිබ්බේ නැතත් පසුව ඇයගේ නිෂ්පාදිත වල රස සහ පෙනුම නිසාම බහුතරයක් දෙනා ඇයව දිරිමත් කරන්න පටන් ගත්තා.ඒ දිරිමත් කිරීමත් සමගම තමයි සීයට සීයක් කාබනික නිෂ්පාදිත වලින්ම නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය වස විස  නැතුව සෞඛ්‍යාරක්ෂිතව ඇයට වෙළෙඳ පොළට රැගෙන ඒමට හැකියාව ලැබුණේ.


ඇයගේ ව්‍යාපාරය ලංකාවේ විතරක් පැතිරුණු ව්‍යාපාරයක් විදිහට ඉදිරියේ දී පවතින එකක් නැහැ.හේතුව මේ වන විටත් මේ ව්‍යාපාරයට විදෙස් රටවල් වලින් පවා ඇනවුම්  ලැබෙනවා.එනිසාම ඉතාමත් ඉක්මනින් විදෙස් අපනයනය ඉලක්ක ගත කරමින් ඇයගේ නිෂ්පාදිතයන් විදෙස් වෙළඳ කළ කරා ලඟා වේවි.


ඉතින් කාන්තාවක් ලෙස ඇය ආ මේ ධෛර්යසම්පන්න ගමන් මගට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.





Tuesday, October 17, 2023

ආසියාවටම දෙළුම් යුෂ බෙදන්න පුළුවන් ලංකාවේ එකම දෙළුම් ෆැක්ට්‍රිය.ලංකාවෙ ඇතුලෙ මේ වගේ දේවල් වෙනවා කියලා හිතන්නවත් පුලුවන්ද.

 


පුංචි තැන ඉදන් ලොකු තැනට යන්න උත්සහ දරන ලංකාවේ ව්‍යවසායකයින් විශාල පිරිසක් ඉන්නවා.ඒ වගේම තමයි ලංකාවට විදේශ විනිමය රැගෙන එන  ව්‍යවසායකයනුත්  ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නවා.හැබැයි ලංකාවේ අලුත් දෙයක් කරන්න හදන කිසිම කෙනෙක්ට රජයෙන්  අබ ඇටයක තරම්වත් සහයෝගයක් නැහැ.


ඉතින් අපි අද කියන්න සූදානම් වෙන්නේත් සියලුම බාධක ජයගෙන තරුණ ව්‍යාපාරිකයෙක් වශයෙන් අලුත් දෙයක් කරන්න හදපු තරුණයෙක් ගැන.ඕනිම කෙනෙක් දන්නවා දෙළුම් කියන්නේ ලොකු කුඩා සියලුම දෙනාට ගුණදෙන පලතුරක්.සාමාන්‍යයෙන් කියමන ටත් කියනවා ජීවිතයත් මරණයත් අතර සිටින රෝගියෙකුට දෙළුම් යුෂ බිංදු කීපයක්  පෙව්වොත් ඔහුට තව දවස් දෙක තුනක් හරි ජීවත් වෙන්න ශක්තියක් එකෙන් ලැබෙනවා කියලා.


ඉතින් නිකමට හිතන්න දෙළුම් වලින් හදන්න පුලුවන් දේවල් ගැන ඔයා කොයි තරම් දුරට දැනුවත්ද? ඔයා දන්නවද දෙළුම් වලින් ජෑම්,සුවඳ විලවුන්,විවිධ වර්ගයේ ක්‍රීම්  ආදී බොහෝ දෙවල් නිෂ්පාදනය කරන්න පුළුවන් කියන දේ.


ඉතින් අදටත් මුළු ආසියාවටම දෙළුම් යුෂ යවන්න පුළුවන් ව්‍යාපාරයක් කරගෙන යන සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳව අපිට ආරංචි වුණා.ඔහුගේ ව්‍යාපාරය මාතකඩාර දෙළුම් ව්‍යාපාරයයි. ඉතින් බින්දුවේ ඉඳන් පටන් අරගෙන අද වෙද්දි ආසියාවටම දෙළුම් යුෂ යවන ඒ සුවිශේෂී ව්‍යවසායකයාගේ කතාව උඩ තියෙන වීඩියෝවෙන් ඔයාට බලන්න පුළුවන්.


ඇත්තටම මුල ඉඳන් අවසානය තෙක්ම වීඩියෝව නරඔන ඔයාට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නැහැ කියන දේ අනිවාර්යෙන්ම හිතෙන්න පටන් ගනියි.


ඉතින් දක්ෂ ව්‍යවසායකයණනි ඔබට අපගේ සුබපැතුම්.

Sunday, October 15, 2023

පරිසර හිතකාමී ආකාරයට ධාවනය කළ හැකි ත්‍රීරෝද රථයක් නිර්මාණය කෙරූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්

 


විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බහුතරයක් දෙනා අලුත් අලුත් දේවල් පිළිබඳව අත්දැකීම් ලබන්න ගොඩක් ආස කරන පුද්ගලයන් කොට්ඨාසයක්.ඒ අතරිනුත් විශ්වවිද්‍යාලය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්න සිසුන් කියන්නේ බොහෝ අවස්ථාවන්වලදි ප්‍රායෝගික වනු දේවල් නිෂ්පාදනය කරන්න නිරන්තරයෙන්ම අවධානය යොමු කරන පිරිසක්.

ඉතින් ඒ ආකාරයෙන් අලුත්ම නිර්මාණයක් නිර්මාණය කෙරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් ගැන තමයි අද අපි මේ විශේෂාංග තුළින් කියන්න සූදානම් වෙන්නේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ විශිෂ්ටතා ප්‍රදර්ශනය පැවැත්වීම සිදුවුණු අතර ඒ අවස්ථාවේදී මේ ත්‍රී රෝද රථය ප්‍රථම වතාවට ප්‍රදර්ශනය කිරීම සිදුවුණා

මෙම රථය නිෂ්පාදනය කිරීම සිද්ධ කළේ සම්පූර්ණයෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින්.මුලින්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නිලන්ත සමරනායක මහතා විදුලියෙන් ක්‍රියාකරන මේ  ත්‍රිරෝද රථය පිලිබඳව මූලික හැඳින්වීමක් සිදුකලා.


එතුමගේ පැහැදිලි කිරීමට අනුව මෙම රථය E විලර් නමින් තමයි හඳුන්වා දීම සිදු කළ අතර ත්‍රිරෝද රථය එක් වරක් බැටරි ආරෝපණය කින් කිලෝමීටර් 60ක පමණ දුරක් ගමන් කිරීමට හැකියාව තියෙනවා කියන දේ මහාචාර්ය වරයා විසින් වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කිරීම සිදු කළා.

සාමාන්‍යයෙන් අද කාලේ ත්‍රීරෝද රථයක් මිලදී ගන්න නම් අතේ යම්කිසි මුදලක් තියෙන්න ඕනි.ඒ නිසා බොහෝමයක් දෙනවා ත්‍රිරෝද රථයක් මිලදී ගන්න අවධානය යොමු කරනවා බොහොමත්ම අඩුයි.නමුත් ව්‍යාපාරික මට්ටමෙන් මේ ත්‍රී රෝද රථය නිෂ්පාදනය කිරීම ලංකාව තුල ආරම්භ කළහොත් දැරිය හැකි මිලකට එය ජනතාවට ලබාදීමට හැකියාව තියෙනවා කියන දේත් මහචාර්යවරයා ගේ පැහැදිලි කිරීම තුළ ඇතුළත් වුණා.

මෙහි ඇති විශේෂත්වය තමයි මේ ත්‍රී රෝද රථය වෙනුවෙන් යොදන බැටරිය ත්‍රිරෝද රථයෙන් හිමිකරු විසින් ආරෝපණය කිරීමට අවශ්‍ය නොවීමයි.එනම් භාවිතය අවසන් වූ බැටරිය රට පුරා ඒ සඳහායි ස්ථාපිත කරන මධ්‍යස්ථාන වලට ලබා දී දී ආරෝපණය කරන ලද බැටරියක් නැවත ලබා ගැනීමේ හැකියාව පැවතීමයි.

ත්‍රීරෝද රථ හිමිකරුට එහි විදුලිය  සඳහා පමණක් යම් කිසි යම්කිසි සුළු මුදලක් ගෙවීමට සිදු වෙනවා නමුත් එයත් දැරිය හැකි මුදලක්.සඳහන් වන තොරතුරු අනුව දැනටමත් මෙම ත්‍රිරෝද රථය නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීම සඳහා පෞද්ගලික සමාගමක් මූලිකත්වය ගෙන ක්‍රියා කරනවා කියලත් ආරංචියි.

කෙසේ නමුත් අලුත් දේවල් වලට අපි අතහිත දිය යුතුමයි.ඒ නිසාම මෙවැනි නව නිශ්පාදනයන් පිළිබඳව රජයේ අවධානය අවධානයත් වෙනදට වඩා යොමුවිය යුතුයි කියන මතක් කිරීමත් සමගම අපිත් ඔවුන්ගේ මේ නව නිෂ්පාදිතයට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.





Thursday, October 12, 2023

වසර 16කට පසු ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ ඔලිම්පියා පදක්කම හිමිකර දුන් වීර පුතුන්.

 


ක්‍රීඩාව කියන්නේ බොහෝ දෙනෙක්ගෙන් මනසත් ශරීරයත් නිරෝගීව තියන්න පුළුවන් හරි අපූරු අංශයක්.එදා ඉඳන් අද දක්වාම ලංකාවේ නම බබලවන්න ලංකාව තුලින් බිහිවුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් හිටියා.ඒ නිසාම කාලයේ විකාශය වීමත් සමගම  ලංකාවෙත් ක්‍රීඩාව සම්බන්ධයෙන් වෙනදාට වඩා බලධාරීන්ගේ අවධානය යොමු වෙලා.

එනිසාම වෙනදටත් වඩා වැඩි වශයෙන් ලංකාවේ දරු දැරියන් ජාත්‍යන්තරය නියෝජනය කොට ලබාගන්නා ජයග්‍රහණ ටික ටික වැඩි වෙන්නත් පටන් අරන්.එයාකාරයෙන් තොරතුරු තාක්ෂණ අංශයෙන් අංශයෙන් ශ්‍රී ලංකාවේ අපි ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ගැන තමයි මේ කියන්න සූදානම.

මෙවර තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේ දී the international olympiad in informatic තරගාවලියේ දී ලංකාව ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත් වුණා.



මේ තරගය පැවැත්වුණේ තිස් පස් වැනි වරට.එය හංගේරියාවේ දී පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ කරුවන් සිව් දෙනෙක් ඒ සඳහා සහභාගි වුණා.එම කණ්ඩායම නියෝජනය කළ සිතිජ අභිෂේක් විසින් මෙම ලෝකඩ පදක්කම ලංකාවට හිමි කර දීම සිදු කළ අතර මේ තරගය සඳහා ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් තරඟ කරුවන් තුන්සිය පනස් එක් දෙනෙක් සහභාගි වුණා.

1989 දී ආරම්භ කළ තොරතුරු තාක්ෂණ වලින් ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව 1992 සිට සහභාගී වන අතර 2007 වර්ෂය තෙක් තරගාවලියේ දී පදක්කම් ජයග්‍රහණය කිරීමටත් සමත් ඉන් අනතුරුව ජයග්‍රහණයක් ලබාගැනීමට ලබාගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

ඒ නිසාම වසර 16කට පසු ලැබුණු මේ ජයග්‍රහණය ලංකාවට තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වන බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ආදිත්ත නරසිංහ සඳහන් කරනවා.

ඉතින් ඉදිරියේදිත් මෙවැනි ම ජයග්‍රහණය ලංකාව කරා රැගෙන ඒමට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

Wednesday, October 11, 2023

ඉතාමත් පහසුවෙන් දෑත් විසබීජහරණය කළ හැකි ස්වංක්‍රීය විසබීජහරණ යන්ත්‍රයක් නිපදවූ යුධ හමුදාව

 


ලංකාවේ බහුතරයක් රාජ්‍ය ආයතන තමන්ගේ දෛනික වැඩ පිළිවෙල ඔස්සේ ඉදිරියට යද්දී තවත් සමහරක් දෙනා අලුත් දේවල් ගැන හිතන්න ඒ දේවල් අත්හදා බලන්න ආස කරනවා.ඒ වගේම තමයි තමන් සතු දැනුමෙන් අලුත් දේවල් නිෂ්පාදනය කරන්න තියෙන උනන්දුව නිසාම නව නිෂ්පාදිතයන් රැසක් මේ වන විටත් ලංකාවේ නිෂ්පාදනය වෙලා අවසන්.

සුපුරුදු පරිදි අදත් අපි කියන්න සූදානම් වෙන්නේ ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව මගින් නිෂ්පාදනය කරපු තවත් සුපිරි නව නිෂ්පාදනයක් ගැනයි.

යුද හමුදාවේ පරීක්ෂණ විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විසබීජහරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් තමයි මේ ආකාරයෙන් එළිදැක්වීම සිදු කළේ.

මෙම විස බීජ හරන  යන්ත්‍රය උපකරණය හරහා දියර ලීටර් 4 ක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයන් 600 දෙනකු ගේ දෑත් විසබීජහරණය ට ලක් කිරීමට හැකියාව තියෙනවා.

එය විදුලි ආරෝපණය පසු පැය 48ක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමෙන් හැකියාවක් ඇති යන්ත්‍රයකි.විසබීජ හරින දියර ලීටර් 4 ක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයන් 600 දෙනකු ගේ දෑස් සේදීමට හැකි නිසා ඉතාමත් කාර්යක්ෂම ආකාරයෙන් මේ වැඩේ කරගෙන යන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් මේ වගේ යන්ත්‍රයක් පිටරටකින් ගෙනවා නම් වැඩ වැඩි පිරිවැයක් අපිට දරන්න සිද්ද වෙනවා.නමුත් ආනයනය කිරීමට සාපේක්ෂව ඉතාමත් අඩු පිරිවැයක් යොදා ගැන මෙම යන්ත්‍රය රට තුළ දී නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා කියලා තමයි වැඩිදුරටත් ශ්‍රී ලංකා යුධ හමුදා අංශය සඳහන් කළේ.

ඉතින් ඉදිරියේ දී මේ නිෂ්පාදිතය ශ්‍රිලංකීය වෙළඳපලට ලබාදීමට හැකි සුදුසු නිෂ්පාදකයා ලෙස වැඩිදියුණු කිරීමට ඔවුන්ට තව තවත් උදව් උපකාර ලබා දෙමින් කියන ඉල්ලීම මත තව තවත් මෙවැනි නව නිෂ්පාදිතයන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා  කරන්නේමු.

Friday, October 6, 2023

ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් විදුලි බල්බ ගැලවීමට සහ සවි කිරීමට හැකි උපකරණයක් නිර්මාණය කෙරූ පාසල් සිසුවා

 



පුංචි කාලේ ඉඳන් අලුත් දේවල් හදන්න තියෙන උනන්දුව ඒ වගේම අලුත් අලුත් දේවල් සම්බන්ධයෙන් හොයන්න තියෙන උනන්දුව නිසාම ඒ දේවල් එක්කම ජීවිතය දිනන්න හැකියාව ලබා ගත්තු ශ්‍රේෂ්ඨ පුද්ගලයන් පිළිබඳව අපේ නොයෙකුත් අවස්ථාවන්වලදී අහලා දැකලා තියෙනවා.අන්න ඒ වගේම පාසල් කාලයේදීම නව නිශ්පාදනයන් කෙරෙහි අවධානය යොමු කරමින් අපූරු නව නිෂ්පාදනයක් හඳුන්වාදුන් දක්ෂ පාසල් සිසුවෙක් ගැන කියන්න තමයි සුපුරුදු පරිදි අදත් මේ සූදානම.


මේ අපූරු සිසුවා නමින් කසුන් චමොඉද් කළුබෝවිල සිසුවායි.ඔහු නව නිශ්පාදනයන් වෙනුවෙන් පැවැත්වූ තරගාවලියකදී විදුලි බල්බ ගැලවීමට ගැලවීමට සහ සවි කිරීමට නිෂ්පාදනය කෙරූ උපකරණයක් ඉදිරිපත් කළ අතර එම නිෂ්පාදනය මේ තරගාවලිය තුළ දෙවැනි ස්ථානය  දිනා ගැනීමට හැකියාව ලබා ගත්තා.


නමුත් පුංචි කාලේ නම් අලුත් දේවල් හදන්න කැමති කෙනෙක්.කොයි තරම් අළුත් දේවල් හැදුවත් ඒවා ඔහු කවදාවත් මේ වගේ තරගාවලියකට ඉදිරිපත් කරලා නැහැ. එනිසාම ඔහුගේ හැකියාව කවුරුත් දැන ගත්තෙත් නෑ.කොහොම නමුත් පාසලේ ගුරුභවතෙකු ගේ අනුදැනුම මත ඔහුට අවස්ථාව උදා උනා නව නිපැයුම් තරගාවලියකට මේ නව නිපැයුම යොමු කරන්න.


නිවසේ දී චමෝද්ගේ පියා විදුලි බල්බ ගැලවීමට සහ සවි කිරීමට ඉතාමත් දැඩි වෙහෙසක් දරනවා ඔහු නිරන්තරයෙන්ම දැකලා තියෙනවා.ඒ අනුව තමයි ඔහුට හිතෙන්නේ මේ සඳහා ඉතාමත් සරල පහසු නව නිෂ්පාදනයක් නිපදවන්න ඕනි.මේ නව් නිෂ්පාදනය සිද්ධ කරන්න ඔහුට අමතරව කිසිම දෙයක් වියදම් වෙලා නැහැ.


ඉවතලන යකඩ ඇණ,කේබල් යකඩ කෑලි  එකතුකරගෙන තමයි චමෝද් මේ නිර්මාණය සිද්ධ කළේ.මේ සඳහා ඔහුට පාසලේ ගුරුභවතුන් වගේම නිවසේ අම්මා තාත්තා ඇතුළු සහෝදර සහෝදරියන් රැසක් උදව් උපකාර කර බවටත් සඳහන්.


ඉතින් තවත් ඉදිරියට අලුත් අලුත් දේවල් නිර්මාණය කරමින් ලෝකය ජයගන්නට  චමෝද්ට හැකියාව ලැබේවා කියා අපිත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. 



Thursday, October 5, 2023

ගෙදරදීම වස විස නැති පිරිසිදු පොල්තෙල් සිඳින අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කෙරූ නව නිපැයුම්කරු

 



වර්තමානය වෙද්දී අපි දෛනික ආහාර වේලට එකතු කර ගන්නා බහුතරයක් දේවල් වල වස විස අඩංගු වෙලා තියෙනවා.එනිසාම වෙළඳපල යම්කිසි යම් කිසි නිෂ්පාදනයක් මිළදී ගන්න තියේ නම් ඒ පිළිබඳව එක පාරක් නෙමෙයි දෙපාරක් හිතන්න කාලයක් උදා වෙලා.කොයි කාටත් මතක ඇති මීට වසර කීපයකට කලින් ලංකාවේ පොල් තෙල් සම්බන්ධ ගැටලුවකට බොහෝ දෙනෙක් මුහුණ දුන්නා.


 පිළිකා කාරක පොල්තෙල් තොග රැසක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ සොයාගැනීමත් සමගම සමඟම බොහෝ දෙනෙක් නිවස තුළදීම වස විස නැති පොල්තෙල් ටිකක් හිඳ ගන්නා ආකාරය පිළිබඳව හොයන්න බලන්න පටන් ගත්තා.ඉතින් ඒ හැමෝටම ප්‍රයෝජනවත් වන ආකාරයේ අපූරු නව නිෂ්පාදනයක් හඳුන්වාදුන්  පුද්ගලයෙක් ගැන තමයි මේ කියන්න සූදානම.


ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය සේවකයකු වශයෙන් කටයුතු කරන චන්දන සේනානායක මහතායි.එතුමා සුදු යකඩ භාවිතා කරමින් නිවසේදීම පොල් තෙල් සිඳ ගත හැකි අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමත් සමගම ඔහුගේ නිෂ්පාදනය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා.






චන්දන සේනානායක මහතා මේ නව නිපැයුම සිදුකර ඇත්තේ සිදුකර ඇත්තේ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමකගේ ඉල්ලීමක් මතයි.මේ වන විටත් ඔහු තම නිවසේ දී මේ පොල් තෙතෙල් නිෂ්පාදන යන්ත්‍රය නිපදවීමේ ව්‍යාපාරය තවත් පුද්ගලයන් දහ දෙනකු පමණ සම්බන්ධ කර ගනිමින් සිදු කරනවා.







සාමාන්‍යයෙන් මෙහි එක් නිෂ්පාදිතයක් වසර ගණනාවක් විනාශ නොවී භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඔහු වෙළදපල තුල මේ යන්ත්‍රය විකිණීමට නියමිත කර ඇති මිල රුපියල්.6875 ක මිල කි.ඒ වගේම සාමාන්‍ය පාවිච්චිය සඳහා නිවසේදී භාවිතා කළ හැකි ආකාරයේ නිපදවු තවත් නිපැයුමක් රුපියල්  2875 ක පමණ මිලකට ඔහු විසින් අලෙවි කරනවා.


මේ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අමුද්‍රව්‍යවල මිල දවසෙන් දවස ඉහළ යාම නිසා මේ මිල ගනන් අනාගතයේ දී වැඩි වෙන්න පුළුවන් කියන දේත් මතක තියාගන්න ඕනි.අවසානයේ එතුමා සඳහන් කළේ මේ නව නිෂ්පාදිතය තවමත් ලංකාවේ වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයන් තුළට ගිහින් නෑ කියන කාරණාවයි.


ඒකට මූලිකම හේතුව රජය කිසිම ආකාරයකින් නව නිෂ්පාදිතයන් වෙනුවෙන් දිරිගැන්වීමක් හෝ ඔවුන් වෙනුවෙන් ආධාර මුදලක් ලබාදීමට ලබා දීමට එතරම් කැමැත්තක් නොදැක්වීම කියලා තමයි ඔහු සඳහන් කළේ.කෙසේ නමුත් ඉදිරියේදීත් තවත් මෙවැනිම ආකාරය නව නිෂ්පාදිතයන් හඳුන්වා දීමට  ඔහු සූදානමින්.


ඉතින් ඔහුගේ ඉදිරි වැඩ වැඩ කටයුතු දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.


Monday, October 2, 2023

වෛද්‍ය අංශයේ නව පෙරලියක් ඇති කරමින් ගවයන්ගේ අස්ථි මගින් නව නිපැයුමක් සොයාගත් මහාචාර්ය වරයා





 රට තුළ අද පවතින වර්තමාන තත්ත්වයත් එක්ක වෛද්‍ය ක්ෂේත්‍රය තුළත් අදටත් සැලකිය යුතු ආකාර‍යේ  කඩාවැටීමක් දකින්නට ලැබෙනවා.පසුගිය කාලය පුරාවටම ඖෂධ හිඟ වීම,අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවකම මිල ගනන් දරන්න බැරි තරම් ඉහළ යාම වැනි මූලික ප්‍රශ්න ගැටලු රාශියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා.


මේ සියලුම දේවල් එක්ක අසරණ වෙන්නේ රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්න එන සාමාන්‍ය ආදායමක් ලබාගන්නා  සාමාන්‍ය ජනතාව.ඒ වගේම තමයි පෞද්ගලික අංශයේ රෝහල් වලට පවා පසුගිය කාලයේ දී ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍යම  ඖෂධ වර්ග ලබා ගැනීමේ අපහසුතාවයක් තිබුණා.

මේ සියලුම දේවල් එක්ක තැනට සුදුසු නුවණ භාවිතා කරලා සුදුසුම කාලෙ හරි අපූරු නිපැයුමක් ලංකාවට හඳුන්වා දුන් මහාචාර්යවරයෙක් ගැන කියන්න තමයි මේ සූදානම.එතුමා නමින් මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතා යි. ඔහු ජනරාල්  සර් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ ව්‍යවසායක සහ පරීක්ෂක ඒ වගේම මහාචාර්යවරයෙක් විදියට කටයුතු කරන තැනැත්තෙක්.


එතුමා විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පිටුවක් පෙරළමින් පසුගියදා මිනිස් අස්ථි බද්ධ කිරීමට සුදුසු මිල අධික ප්‍රතිකාර ක්‍රමයකට වඩා ලාභදායි ක්‍රමයක් හඳුන්වා දීමට  සමත් වුණා.සාමාන්‍යයෙන් මිනිස් අස්ථි බද්ධ කිරීමකදී ලබා ගන්නා ප්‍රතිකාර මිලෙන් අධිකයි.නමුත් එතුමා ලංකාවේ පවතින මේ ආර්ථික රටාවත් එක්ක දැඩි මිලක් නොගෙවා හරක් ඇටකටු වලින් නිෂ්පාදිත Bone graft material විශේෂයක් නිපදවන්න සමත් වීමත් සමගම එය විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක් ඇති කෙරූ නිර්මාණයක් බවට පත්වුණා.




මේ සම්බන්ධයෙන් හඳුන්වා දෙමින් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහාචාර්යවරයා සඳහන් කළේ නවසීලන්තයේ otago විශ්ව විද්‍යාලයේ සහයෝගයත් ඇතුව ඔහු මේ පරීක්ෂණය සාර්ථකව සිදුකළ බවයි.සාමාන්‍යයෙන් අස්ථි බද්ධ කිරීමක් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වල වර්තමාන මිල අධික නිසා ඔහු විසින්  හඳුන්වාදුන් හරක් ඇටකටු වලින් නිෂ්පාදිත මේ Bone graft material විශේෂය ඉතාමත් අඩු  දැරිය හැකි මිල කින් ලබා ගැනීමට හැකියාව තියෙනවා.



ඒ වගේම ඉදිරියේදී අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු මේ නිෂ්පාදකය හරහා අස්ථි බද්ධ කිරීමක් සිදු කිරීමට ඔහු සූදානමින්.එය සීයට සීයක් සාර්ථක වුණොත් එය එතෙක් මෙතෙක් විකලාංග වෛද්‍ය ශාස්ත්‍රය තුළ සිදු කෙරූ තවත් සුවිශේෂී සොයාගැනීමක් වනවා නොඅනුමානයි.

ඉතින් මහාචාර්ය  ප්‍රසන්න ප්‍රේමදාස මහතාණෙනි ඔබට උනුසුම් සුභ පැතුම්…