Thursday, December 21, 2023

ශ්‍රී ලංකාවේ ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායමක් ජාත්‍යන්තරය ජය ගනී.

 



නිරන්තරයෙන්ම අපි ලංකාවෙන්  බිහිවන නව නිෂ්පාදන පිළිබඳව ඒ වගේම අලුත් තාක්ෂණයන් ඊටත් අමතරව විවිධ ව්‍යාපාර සහ සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ඉතින් සුපුරුදු පරිදි අදත් මේ සූදානම් වෙන්නේ ලංකාව නියෝජනය කරමින් ලබාගත් සුවිශේෂී වූ ජයග්‍රහණයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි.

පසුගියදා tournament of minds නැමති අන්තර්ජාතික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක වුණා.මේ අන්තර්ජාතික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන නියෝජනය කිරීමට ලංකාවෙනුත් කණ්ඩායමක් පිටත් වුණා.

මේ කණ්ඩායම සමන්විත වුණේ ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්. ඒ වගේම ලංකාව වගේම තවත් කණ්ඩායම් එකසිය තිස් හයක් මේ තරගාවලිය නියෝජනය කළා.ඉතින් මේ රටවල් එකසිය තිස් හය අතරින් මේ වැඩසටහන නියෝජනය කිරීමට ශ්‍රී ලංකාව එක් වුණේ “ serendib synapse යන නාමයෙන්.

මේ සම්මේලනය ඔක්තෝම්බර් 15 වෙනිදා සෙට 19 වෙනිදා දක්වා පැවැත්වුණු අතර කැනඩාවේ මොන්ට්‍රියල් නගරය මූලික කරගනිමින් තමයි තරගාවලිය පැවැත්වුණේ.මේ තරගාවලිය අපට සුවිශේෂී තරගාවලියක් බවට පත්වෙන්නේ එයාකාරයෙන් නියෝජනය කරමින් ලංකාවෙන් ගිය කණ්ඩායමේ සියලුම විශේෂඥ  වෛද්‍යවරුන්ගේ උත්සාහය සහ කැපවීම මත අපිට පළමු ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබුණා.

මීට කලින් මේ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ තවත් කණ්ඩායමක් රිදී පදක්කම දිනාගෙන තිබෙනවා.පළමු ස්ථානය දිනාගනිමින් ලංකාවේ නම ජාත්‍යන්තරය තුළ බබළවන්නට වෙහෙස වූ මේ ස්නායු වෛද්‍ය කණ්ඩායමට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

No comments:

Post a Comment