Wednesday, May 29, 2024

අති විශිෂ්ට නිමැවුමක් සමග ලංකාවේ ප්‍රථම වරට ගැලවිය හැකි පොත් රාක්කයක් වෙළඳපලට

රට තුළ පැවති ව්‍යාකූල තත්ත්වයෙන් පසුව වර්තමානය වෙද්දී බහුතරයක් දෙනා ඒ වගේම වගේම විවිධ ආයතන නව නිෂ්පාදන නිපදවීම සම්බන්ධයෙන් වෙළදටත් වඩා වැඩිදුරටත් අවධානය යොමු කරනවා.එනිසාම අලුත් තාක්ෂණයන් සමග මුසු වුණු නවෝත්පාදනයන් වර්තමානයේ වෙළඳපලට එන්න පටන් අරන්.

සුපුරුදු පරිදි අදත් අපි කියන්න සූදානම් වෙන්නේ ඒ වගේ ආයතනයක සියලුම කාර්ය මණ්ඩලය සහයෝගීත්වය සහ තාක්ෂණය දැනුම ඔස්සේ වෙළඳපලට පැමිණි සුඛෝපභෝගී නිෂ්පාදිතයක් පිළිබඳවයි.

මේ නව නිෂ්පාදනය ලංකාවේ ප්‍රථම වරට වෙළඳපලට නිෂ්පාදිතයක් ලෙස පැමිණෙන භාණ්ඩයක් කිව්වොත් නිවැරදියි.මේක උසස් නිමාවකින් යුක්ත ගැලවිය හැකි පොත් රාක්කයක්.මේ නිෂ්පාදනය වෙළඳපොළට හඳුන්වා දෙන්නේ සනිරෝ ආයතනය විසින්.

සනිරෝ ආයතනය විසින් නිෂ්පාදනය කරන මේ පොත් රාක්කය පොත් ප්‍රදර්ශන සිද්ධ කරන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වන ආකාරයේ නිෂ්පාදිතයක්. එයට හේතුව මිනිෂ්පාදිතය ඕනෑම ස්ථානයකට අකුලවා රැගෙන යාමේ පහසුවත් රුපියල් පනස්නම දාහකට එය මිලදී ගැනීමට ඇති හැකියාව කියන මේ සියලුම පහසුකම් යටතේ ශ්‍රී ලංකා වෙළඳපලට ප්‍රථම වතාවට එන මේ වටිනා රාක්කය මිලදී ගැනීමට ඔබට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා.

ඉහළ නිමාවකින් යුක්ත නිසා මේ සීයට සීයක් වග කියන නිෂ්පාදිතයක්.ඒවගේම තමයි නවීන තාක්ෂණය යටතේ නිමවන මේ පොත් රාක්කය විශ්වාසනීය සේවාවක් සමග සනිරෝ ආයතනය මිලදී ගැනීමට පහත දුරකථන අංකය ඔබට භාවිතා කළ හැකියි.


071-6778877

Thursday, January 4, 2024

ඇමරිකාවේ නාසා ආයතනයේ චිත්‍ර තරගයකින් ලෝකයේ අංක එකට පැමිණි පුංචි පුතා

 


ලංකාවේ නාමය ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තැබූ විවිධ සුවිශේෂී පුද්ගලයන් පිළිබඳව අපි නොයෙකුත් අවස්ථාවන්වලදී ඔබව දැනුවත් කළා.ඉතින් අදත් මේ සූදානම ඒ ආකාරයේ සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර දේ පුංචි පුතෙක් ගැන කියන්න.

මේ පුතා නමින්  දහම්ලෝෂිත ප්‍රේමරත්න.ඔහු පිළිබඳව විශේෂයෙන් කතා කරන්නේ පසුගිය දවසක ඇමරිකාවේ නාසා ආයතනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයකින් වයස අවුරුදු හතරේ සිට හය දක්වා වයස් කාණ්ඩයේ සියලුම දෙනා නියෝජනය කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සමඟයි.

දහම් පුතා ඉගෙන ගන්නේ තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ දෙක වසරේ.ඔහු අධ්‍යාපනය ලබන්නත් දක්ෂයි වගේම චිත්‍ර අඳින්නත් දක්ෂයි.එනිසාම නාසා ආයතනය ලෝකය පුරා විහිදී සිටින අභ්‍යවකාශ ගවේෂණය හා සම්බන්ධ වීමට ආසාවෙන් එන්න පුංචි දුවා පුතා වෙනුවෙන් තමයි මේ චිත්‍ර තරඟය සංවිධානය කළේ.

අභ්‍යවකාශයේ ජීවත්වීම හා වැඩ කිරීම යන තරග පාඨය යටතේ දහම් ලෝෂිත පුංචි පුතා ඉදිරිපත් කරපු මේ සිතුව මැලව ප්‍රථම ස්ථානය බවට ඔහුට තවත් සුවිශේෂී අවස්ථාවක් උදා වුණා.ඒ තමයි නාසා ආයතනය මගින් සම්පාදිත 2024 දින දර්ශනයේ ජූලි මස පිටුව සඳහා මේ පුංචි පුතාගේ සිතුවම තෝරගෙන තියෙනවා.

චිත්‍ර ඇඳීම සඳහා මනා දක්ෂතාවයක් තියෙන දහම් නියෝජනය කරපු පළවෙනි ජාත්‍යන්තර තරඟයත් මේක.  තමන්ගේ පළමු තරඟයම ජයග්‍රහණය කරන්නට ඔහුට වාසනාව හිමි වුණා.හැබැයි මතක් කරන්නම ඕනෙ ලංකාව තුළ පැවැත්වූ පළාත් හා ජාතික මට්ටමේ තරග වලින්ද දහම් ජයග්‍රහණ වාර්තා කරලා තියෙනවා.

චිත්‍ර අඳින්න විතරක් නෙවෙයි. දහම් ගීත ගායනා කරන්නත් දක්ෂයිලු. ඒ තෙන් ඔහුගේ දෙමව්පියන් දෙදෙනා මේ දක්ෂතාවයන් හඳුනාගෙන ඔහුව මේ තරගාවලියට යොමු කරලා තියෙනවා.චිත්‍ර තරඟය සඳහා දෙමව්පියන් අයදුම් කරලා තියෙන්නේ අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමය මගින්.

ඉතින් මේ ලැබූ ජයග්‍රහණයත් සමගම කලාව තුළින් ඉහළටම යන්න මේ පුංචි පුතාට හැකියාව ලැබේවා කියා අපෙත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.