Monday, November 13, 2023

අක්කර භාගයක මිරිස් වගා කොට මාස6ක් තුළ ලක්ෂ හැත්තෑවක් ඉපයූ ගොවියා

 


ලංකාවේ ජීවත් වෙන  බහුතරයක් දෙනාගේ මූලික ජීවනෝපාය බවට පත්වුණේ ගොවිතැන.එළවලුවක් පලතුරක්  වගා කරගෙන  දුක්මහන්සියෙන් ජීවිතය ගතකරන ගොවියෝත් ඒ අතර ඉන්නවා. ඉතින් අද කියන්න යන්නේ අන්න ඒ විදිහට ජීවිතය ජයගත්ත තවත් දක්ෂ ගොවි මහත්තයෙක් ගැන.

ඔබ ජීවත් වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රදේශයේ. පසුගිය කාලසීමාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අධි ඝනත්ව වගා ක්‍රමයක් යටතේ බීජ වගා කරන ආකාරය පිළිබඳව හඳුන්වා දීමක් සිදු කළා.ඒ හඳුන්වා දීමට අනුව ඔහු ඔහු මේ ක්‍රමය අත්හදා බලන්න උත්සුක වුණා.

ඉතින් ඔහුගේ උත්සාහය ප්‍රතිඵලයක් වශයෙන් අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ අක්කර බාගි1 මිරිස් වගා කර රුපියල් ලක්ෂ 70 ක් උපයා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා.

ඉතින් සාම්ප්‍රදායික ක්‍රමයක් යටතේ මේ මිනිස් කළ වගාව සිදු කළා නම් අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැල ප්‍රමාණය හය දාහක් පමණ.නමුත් අධි ඝනත්ව ක්‍රමය යටතේ වගා කිරීමේදී මිරිස් පැල දහතුන් දාහක ප්‍රමාණයක්  වගා කිරීමට හැකියාව ලැබිලා තියෙනවා.එමගින් මේ ගොවි මහත්මයාට තමන්ගේ අස්වැන්න කීප ගුණයකින් වැඩි කරගෙන අතමිට සරුවන ගානක් හොයාගන්න හැකියාව ලැබුණා.

මීට කලින් අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායමක් උපයා තිබුණේ යාපනය ගොවි මහත්තයෙක් වන අතර ඔහු රුපියල් ලක්ෂ 50ක මුදලක් උපයා තිබුණා.ඉන් අනතුරුව අනුරාධපුරේ ම තවත් ගොවි මහත්තයෙක් අක්කර භාගයක මිරිස් වගා කොට රුපියල් ලක්ෂ 60 ක් උපයා දැමූ වාර්තාව අද වන විට මේ සුවිශේෂී ගොවි මහත්මයාට  බිඳ දමන්නත් හැකියාව ලැබිලා තියෙනවා.

කොහො නමුත් ඔහුට මෙ වගාවසාර්ථක කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නොමද උත්සාහය ලැබුණු බවත් මතක් කළ යුතුමයි.


ඉතින් බොහෝ දේවල් පිටරටින් ගෙන්වන සමයක අපේම දේවල් වගා කරගෙන ජීවිතේ දිනන්න අපිට හැකියාව තියෙනවා නම් එය කොයිතරම් වටීවි ද?  මෙවැනි ගොවි මහතුන් තව තවත් මේ මිහිපිට පහළ වේවා කියන ප්‍රාර්ථනාවත් අපි එක් කරන්නට කැමතියි.

Tuesday, November 7, 2023

මැණික් කටුව ආශ්‍රිත රෝග සඳහා යොදාගත හැකි රොබෝ යන්ත්‍රයක් මොරටු සිසුන් විසින් නිෂ්පාදනය කරයි

 

අලුත් තාක්ෂණයත් එක්ක ලෝකෙ ඉහලට යද්දි ලංකාවේ බොහෝ අවස්ථාවන් වල දී ඒ තාක්ෂණයෙන් හරියටම වැඩ ගත්තු ගත්තු විවිධ පුද්ගලයන් පිළිබඳව අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් අද අපි කියන්න සූදානම් වෙන්නේ අන්න ඒ ආකාරයෙන් නව තාක්ෂණය ඔස්සේ හරි අපූරු නව නිෂ්පාදනයක්  හඳුන්වා දුන් පුද්ගල කණ්ඩායමක් පිළිබඳවයි.

සූපවේදීන් තේ දලු නෙලන වෘත්තිකයන් සහ ගුරුවරුන් ඒ වගේම තොරතුරු තාක්ෂණය අවශ්‍යත රැකියාවන් වල නිරත වෙලා ඉන්න බහුතරයක් දෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙන රෝගාබාධයක් තමයි මැණික් කටුව  ආශ්‍රිතව ඇති වන වේදනාවන්.

මෙම රෝගී තත්ත්වය කාපල්  ටනල්  සින්ඩ්‍රෝම් ලෙස තමයි වෛද්‍ය විද්‍යානුකූලව හඳුන්වන්නේ. මෙවැනි තත්වයක් ඇතිවුණොත් විට මූලිකම  අවධියේදීයි විවිධ ව්‍යායාම් ප්‍රතිකාර වශයෙන් සිදු කිරීමට චිකිත්සක වරු විසින් නිර්දේශ කරනවා.

එනිසා මම එම ව්‍යායාම් වලට සහය වෙන රොබෝ යන්ත්‍රයක් මොරටුව සරසවියේ අවසන් වසර සිසුන් විසින් නිර්මාණය කළා. මොරටුව සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු වෙන කුලුණු වීරසූරි,උදීශ කුමසාරු,සහ වර්ණිත නිපුන් යන සිසුන් තිදෙනා විසින් තමයි මෙන්ම මෙම නිර්මාණය සිදු කිරීම සිද්ධ කළේ.

මුලින්ම ඔවුන් රෝගීන්ට සිදු කරන ව්‍යායාම පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා.ඒ තුළින් අතේ ඇඟිලි සහ මැණික් කටුව ආශ්‍රිත ව ව්‍යායාම සිදු කළ හැකියි රොබෝවරයෙක් නිර්මාණය කරන්න ඔවුන් තීරණය කරනවා.

මේ සඳහා මාස අටක් නවයක් පමණ කාලයක් ගත කාලයක් ගත වූ අතර මේ උපකරණය මගින් මැණික් කටුව ආශ්‍රිත රෝගවලින් පෙළෙන බොහොමයක් රෝගීන්ට ඒ අවශ්‍ය ව්‍යායාම  සිදු කර ගැනීමට හැකියාව.

මේ රොබෝ යන්ත්‍රය මගින් මැණික් කටුව නැමීම ඉහලට එසවීම ඇගිලි වලට ව්‍යායාම සිදු කිරීම ඇතුළු  ක්‍රියාකාරකම් රැසක් සිදු කරනවා.ඉදිරියේදී තවත් වැඩිපුර  තාක්ෂණය යොදාගෙන මෙම නිර්මාණය වැඩිදියුණු කිරීමට ඔවුන් සූදානම්.

ඉතින් ඔවුන්ගේ ශක්තියෙන් ධෛර්යයෙන් තවත් මෙවැනිම නව නිර්මාණ බිහි  කිරීමට හැකියාව ලැබේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.