Thursday, January 4, 2024

ඇමරිකාවේ නාසා ආයතනයේ චිත්‍ර තරගයකින් ලෝකයේ අංක එකට පැමිණි පුංචි පුතා

 


ලංකාවේ නාමය ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තැබූ විවිධ සුවිශේෂී පුද්ගලයන් පිළිබඳව අපි නොයෙකුත් අවස්ථාවන්වලදී ඔබව දැනුවත් කළා.ඉතින් අදත් මේ සූදානම ඒ ආකාරයේ සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර දේ පුංචි පුතෙක් ගැන කියන්න.

මේ පුතා නමින්  දහම්ලෝෂිත ප්‍රේමරත්න.ඔහු පිළිබඳව විශේෂයෙන් කතා කරන්නේ පසුගිය දවසක ඇමරිකාවේ නාසා ආයතනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයකින් වයස අවුරුදු හතරේ සිට හය දක්වා වයස් කාණ්ඩයේ සියලුම දෙනා නියෝජනය කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සමඟයි.

දහම් පුතා ඉගෙන ගන්නේ තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ දෙක වසරේ.ඔහු අධ්‍යාපනය ලබන්නත් දක්ෂයි වගේම චිත්‍ර අඳින්නත් දක්ෂයි.එනිසාම නාසා ආයතනය ලෝකය පුරා විහිදී සිටින අභ්‍යවකාශ ගවේෂණය හා සම්බන්ධ වීමට ආසාවෙන් එන්න පුංචි දුවා පුතා වෙනුවෙන් තමයි මේ චිත්‍ර තරඟය සංවිධානය කළේ.

අභ්‍යවකාශයේ ජීවත්වීම හා වැඩ කිරීම යන තරග පාඨය යටතේ දහම් ලෝෂිත පුංචි පුතා ඉදිරිපත් කරපු මේ සිතුව මැලව ප්‍රථම ස්ථානය බවට ඔහුට තවත් සුවිශේෂී අවස්ථාවක් උදා වුණා.ඒ තමයි නාසා ආයතනය මගින් සම්පාදිත 2024 දින දර්ශනයේ ජූලි මස පිටුව සඳහා මේ පුංචි පුතාගේ සිතුවම තෝරගෙන තියෙනවා.

චිත්‍ර ඇඳීම සඳහා මනා දක්ෂතාවයක් තියෙන දහම් නියෝජනය කරපු පළවෙනි ජාත්‍යන්තර තරඟයත් මේක.  තමන්ගේ පළමු තරඟයම ජයග්‍රහණය කරන්නට ඔහුට වාසනාව හිමි වුණා.හැබැයි මතක් කරන්නම ඕනෙ ලංකාව තුළ පැවැත්වූ පළාත් හා ජාතික මට්ටමේ තරග වලින්ද දහම් ජයග්‍රහණ වාර්තා කරලා තියෙනවා.

චිත්‍ර අඳින්න විතරක් නෙවෙයි. දහම් ගීත ගායනා කරන්නත් දක්ෂයිලු. ඒ තෙන් ඔහුගේ දෙමව්පියන් දෙදෙනා මේ දක්ෂතාවයන් හඳුනාගෙන ඔහුව මේ තරගාවලියට යොමු කරලා තියෙනවා.චිත්‍ර තරඟය සඳහා දෙමව්පියන් අයදුම් කරලා තියෙන්නේ අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමය මගින්.

ඉතින් මේ ලැබූ ජයග්‍රහණයත් සමගම කලාව තුළින් ඉහළටම යන්න මේ පුංචි පුතාට හැකියාව ලැබේවා කියා අපෙත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.