Thursday, December 7, 2023

හය ආකාරයකට පන්දු යවා ලකුණු බිංදුවට කඩුලු අටක් ගත්ත කොළඹ පුංචි පැංචා

 


ක්‍රිකට් ගැන කතා කරද්දි පසුගිය කාලසීමාවේ ලංකාවට නම් ත්‍රිකට් ඒ තරම් සුබදායී ක්‍රීඩාවක් වුණේ නැහැ.හැබැයි මිනිස්සු කවදාවත් ක්‍රිකට් අතාරින්නෙත් නෑ. කොයිතරම් තරඟ පැරදුනත් මිනිස්සු ආයෙ ආයෙ මේ ක්‍රීඩාවට ආස කරනවා.ඒ වගේම ලොකු කුඩා විශේෂයෙන්ම පිරිමි පාර්ශ්වය බහුතරයක් දෙනා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා ඉදිරියට යන්න උත්සහ කරනවා.


ඉතින් අන්න ඒ විදිහට තමන්ගෙ උත්සාහයෙන් තරග ජයග්‍රහණය කරන්නට උනන්දු වෙන පුංචි පැංචෙක් ගැන තමයි මේ කියන්න සූදානම. මේ පුංචි පුතාත් ලංකාවේ බිහිවුණු මැණිකක්.


ඔහු අධ්‍යාපනය ලබන්නේ බම්බලපිටිය හින්දු විදුහලේ.මේ පුංචි පුතාගේ නම රිෂ් යුධාන්.ඉතින් ඔහු ගැන කතා කරන්න පටන් ගත්තේ, පසුගියදා බත්තරමුල්ල ජයවර්ධනපුර එම් ඩී එච් ජයවර්ධන විදුහල්පිලට එරෙහිව පැවති තරගයකදී කඩුලු අටක් දවා ගැනීම නිසයි


ඒවගේම තමයි ඒ අවස්ථාවේදී ඔහු ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට අවස්ථාව දුන්නේ නැහැ.ඒ කියන්නේ ලකුණු බින්දුවේදී තමයි කඩුලු අටක්ම දවා ගැනීම සිදු කළේ.මේ වෙද්දි 10 හැවිරිදි වියේ පසුවෙන මේ පුංචි පුතා විදුහලේ දහතුනෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සාමාජිකයෙක්.


අවසානයේ ඔහු විසින් සිදුකළ මේ ක්‍රියාව වසර 47 ක පාසල් ඉතිහාසය වෙනස් කළ වාර්තාවක් බවටත් සඳහන් වෙනවා.


කෙසේ නමුත් මේ ආදරණීය පුංචි පුතාට ක්‍රිකට් ක්‍රීඩාව තුළින්ම ඉදිරියට යන්න හැකියාව ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනායක කරන්නෙමු.


No comments:

Post a Comment