Thursday, December 14, 2023

තම උත්සාහයෙන් ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත්කරගත් දිරියෙන් ජීවිතය දිනන්නට උත්සාහ දරන ජානකී

 



අපි හැමෝටම ජීවිතය තුළ ජීවත් වෙද්දී සිහින තියෙනවා.මේ සිහින එකින් එක හැබෑ කරගන්න තමයි කොයි කවුරුත් උත්සහ කරන්නේ.හැබැයි නිකම්ම බලාගෙන හිටියොත් නම් මේ හීන හැබෑ කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ නැහැ.අද අපි කියන්න යන්නේ තමන්ගෙ ජීවිතය තමන් දැකපු ලස්සන සුන්දර සිහින එකින් එක හැබෑ කරගත්ත තවත් දිරිය කාන්තාවක් පිළිබඳවයි.


ඇය ගාල්ලේ මිනුවාම් ගොඩ ප්‍රදේශයේ පදිංචි ජානකී නමැති කාන්තාවක්.ජානකය ගැන කතා කරන්නේ පුංචියට පටන් ගත්තු ඇඳුම් ව්‍යාපාරයක් තුළින් අද වන විට ඇය ජීවිතය ජයග්‍රහණය කළ නිසයි.ජානකී මුලින්ම මහන්න පටන් අරන් තියෙන්නේ ළමා ඇඳුම්.


මහත්තයාගේ වැටුපෙන් ජීවත් වෙන්නම ඕනි කියලා හිතන කාන්තාවන්ට ජානකී කියන්නේ වෙනස් කතාවක්.ඇය කියන්නේ මහත්තයාට කරදර කරන්න බැරි නිසා ඇය තමන්ගේ අතටත් කීයක් හරි එන්න ඕනි ව්‍යාපාරයක් පටන් ගත්තා කියලයි.


ළමයි ඇඳුම් මැහුවට පස්සේ ඇයට අවශ්‍ය වෙනවා සාරි හැට්ට මහන්න ඉගෙන ගන්න.ඊට පස්සේ ඇඳුම් මහන්න දන්නැති බොහෝ කරුණු ඉගෙන ගන්න අය වැඩමුළුවකට සහභාගී වුණා.ඉතාමත් හොඳින් ඉගෙන ගත් පස්සෙ ජානකීට අවස්ථාව උදාවුනා තමන්ගෙම කියලා ලස්සන ව්‍යාපාරයක් සුළුවට පටන් ගන්න.


ඉන් අනතුරුව ඇයට අවශ්‍ය  වෙනවා මනමාලියන්ගේ ඇඳුම් මහන්න.ඊට පස්සේ ඇය තමන්ගෙ ව්‍යාපාරය joanna bridal  යන නමින් පවත්වාගෙන යන්න තීරණය කරනවා.මේ වෙදි ඇය ළඟ ස්ථීර වශයෙන් සේවිකාවන් දෙදෙනෙක් වැඩ කරනවා.


ඉතින් ඉදිරියටත් ඇයගේ මේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු කර ගැනීමට ඇයට හැකියාව ලැබේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

No comments:

Post a Comment