Friday, December 29, 2023

සහල් ඇටයෙන් විශ්මිත සිතුවම් මවන අපූරූ සිත්තරාගේ දස්කම්

 


තාක්ෂණය දියුණුවත් සමගම ලෝකයේ විවිධාකාරයේ අලුත් සොයා ගැනීම් කරලියට එනවා.විශේෂයෙන්ම ලංකාව වගේ රටක මේ වගේ නව නිෂ්පාදන සිදු කරන ඒවගේම නව තාක්ෂණයන් සොයා ගන්න පුද්ගලයන් රැසක් ඉන්නවා.හැබැයි අවාසනාවකට ඔවුන්ට අත හිත දෙන්න කවුරුත්ම නැහැ.

නමුත් තමන්ගේ කුසලතාව තුළින් අලුත්ම නිර්මාණ ශෛලයක් හඳුන්වා දීපු හරි අපූරු පුද්ගලයෙක් ගැන කියන්න තමයි අපි අද මේ සූදානම් වෙන්නේ.ඔහු නමින් මහනුවර පදිංචි ලොකු ලියනගේ දයානන්ද.ඔහුට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔහු මයික්‍රෝ ආටිස් කෙනෙක් එහෙමත් නැත්නම් ශුද්‍ර කලාවේදියෙක්.

ඔහුගේ මේ සිත්තම් කලාව අපූර්ව හා විශ්මිත සිත්තම් කලාවක් වෙන්නේ ඔහුට හැකියාව තියෙනවා සහල් ඇටයක් මත සිතුවමක් නිර්මාණය කරන්න.ඔහු අද වෙද්දි මයික්‍රෝ ආටිස් කෙනෙක් විදිහට පැන්සලේ තුඩේ විවිධ නිර්මාණ සිද්ධ කරනවා.එයට අමතරව සහල් ඇටවල රත්තරන් කැබලි වලත් මේ ආකාරයේ ඉතාමත් ආකර්ෂණය නිර්මාණ සිතුවම් කරනවා.

ඔහු මේ කලාව ඉගෙනගෙන තියෙන්නේ පුංචි කාලෙ ඉඳලම පියාගේ ආභාෂයෙන් පුංචි කාලෙ ඉඳලම ඔහුට චිත්‍ර අඳින්න පුළුවන්.මීට කලින් ඔහු ව්‍යාපාරයක නිරත වෙලා හිටියත් ඔහුට ඒ ව්‍යාපාරය සාර්ථකව කරගන්නට හැකියාව නොලැබුණ නිසා මේ කලාවෙන් වැඩක් ගන්න ඔහු තීරණය කරනවා.youtube video බලලා සරල උපකරණ කීපයක් ඇරගෙන තමයි දයානන්ද මේ වැඩේට ආරම්භය තියන්නේ.

අද වෙද්දි ඒ උත්සහය ඉතාමත් හොඳින් සාර්ථක වෙලා තියෙනවා. ඔහු ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ සිතුවම් මේ විදියට සහල් ඇටයකට සිත්තම් කරලා තියෙනවා.ඒ වගේම මේ නිර්මාණයක් කිරීමට අවම වශයෙන් දින තුන හතරක් ගත වෙනව ඊට වඩා වැඩි කාලයක් වුණත් වැය වෙන නිසා නිර්මාණය අවසන් කරන තෙක්ම භාවනාවක් කරන ආකාරයෙන් තමයි මේ තුළ නිරත වෙන්න ඕනේ.

බැරිවෙලා හරි අත්වැරදීමක් වුනොත් සම්පූර්ණයෙන්ම මේ නිර්මාණය නැවත සකස් කරන්න ඕනේ.

ඉතින් අනාගතයේදී සහල් ඇටයෙන් සිත්තම් නිර්මාණය කොට ගිනස් වාර්තාවක් තියන්නත් ඔහු සූදානමින්.ඔහුගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබපැතුම් එක් කරන්නෙමු.




No comments:

Post a Comment