Tuesday, December 19, 2023

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර තලයට රැගෙන ගිය ලංකාවේ කිල්මිෂා යාෂීසායි


 

ලංකාව කියන්නේ පුංචි දූපතක් උනත් මේ රට තුළ ජීවත්වන බහුතරයක් දෙනා විවිධ දේවල් වලට දක්ෂතාවයන් දක්වන හරි අපූරු ජන කොට්ඨාසයක්.අපේ රට තුළ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ජාත්‍යන්තර තලය දක්වාම අපේ ලංකාවේ නාමය බබළවන්න උත්සාහ කරන දරුවන් ඒවගේම ඒවගේම පුද්ගල කොට්ඨාසත් ඒ අතර ඉන්නවා.

අපි නොයෙකුත් අවස්ථාවන්වලදී ඒ විදිහට ලංකාවේ ඉපදිලා ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ලාංකික අපේම අය පිළිබඳව කතා කළා.ඉතින් අද අපි කියන්න යන්නේ ඒ විදිහට නැවත වතාවක්  ශ්‍රී ලංකාව කියන රටේ නම තව තවත් බබලවන්නට සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දුන් දැරියක් පිළිබඳවයි.

ඇය නමින් කිල්මිෂා යාෂිසායි වන අතර ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් වන සී ටැමිල් නාලිකාවේ සරිගමප  little champions season 3 තරගාවලියට සහභාගී වුණා.ඉතින් මේ තරගාවලියේ අවසන් මහා  තරඟය පැවැත්වුණේ පසුගිය 14 වැනිදා රාත්‍රියේ

ඒ සඳහා ඉතාමත් පෙර සූදානමකින් සහභාගි වූ කිල්මිෂා දියණියට  අවසානයේ තරගකරුවන් සියලුම දෙනා අභිබවා පළමු ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබුණා.ඉතිං අපි මුලින් සඳහන් කළා වගේම මේ ජයග්‍රහණයට අවශ්‍ය විශේෂී ජයග්‍රහණයක් බවට පත්වුණේ   ඉන්දීය රියලිටි තරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා වශයෙන් ඇය ඉතිහාස ගතවූ නිසයි.

ඒ වගේම මේ තරගාවලිය සඳහා තවත් ශ්‍රී ලාංකික තරගකරුවන් දෙදෙනෙක් සම්බන්ධ වී සිටි අතර ඔවුන්ට අවසන් වටේ සඳහා තරඟ කිරීමට අවස්ථාව උදාවුණේ නැහැ.කිල්මිෂා යාපනයේ චුන්ඩිකුලි කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඇය මේ වන විට වයස අවුරුදු 14ක දැරියකි.

ඉතින් ලංකාවේ නම ජාත්‍යන්තර තලයට ඔසවා තැබූ ඇයට අපිත් හදවතින්ම සුභාශන එක්  කරන්නෙමු

No comments:

Post a Comment