Sunday, October 29, 2023

දේශීය නිෂ්පාදකයන් නගා නගාසිටුවීම උදෙසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඩිජිටල්කරණයට

 නිෂ්පාදන අංශය ගත්තහම ලංකාවේ අලුත් දේවල් ගැන හිතන්න අලුත් දෙයක් කරන්න කැමති බෝහෝදෙනෙක්  ඉන්නවා.හැබැයි ඔවුන්ට අවශ්‍ය කරන සවිබලගැන්වීම කිසිදු ආයතනයක් මගින් හරි ආකාරව සිද්ධ කරන්නේ නැහැ.


ඒ දේවල් හේතු කොටගෙන වසර 2030 වන විට  මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් දක්වා වැඩි කිරීමට මේ වෙද්දි සැලසුම් සූදානම් කරලා තියෙනවා.


මේ වැඩපිළිවෙළ " ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපායමාර්ගික ක්‍රියාවලිය "නමින් තමයි ක්‍රියාවට නැංවෙන්නේ. මේ සඳහා ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහයෝගයක් හිමි වීම තවත් විශේෂ වූ දෙයක්.




මෙහි මූලික පියවර විදිහට ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය DigiGo සන්නාමය යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඩිජිටල් playbook නැමැති සංකල්පය එළිදැක්වීම පසුගිය දවසක සිදුකළා.


තිරසාර ආර්ථිකයක් උදෙසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ලබාගත හැකි සහ දැරිය හැකි දේශීය ඩිජිටල් සේවාවන් සඳහා යොමු කිරීම අරමුණ කරගනිමින් කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ තාක්ෂණික අමාත්‍යංශය අනුග්‍රහය යටතේ තමයි මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංගුවේ.


ලංකාවේ ආර්ථිකය ගත්තහම මෙරට ආර්ථිකයට සියයට පනස් දෙකක් පමණ දායකත්වයක් සපයන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින්.ඒ වගේම මෙරට ව්‍යාපාරික අංශයේ සීයට 75% කට වඩා වැඩි ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් සමන්විත වන අතර ඉන් අපනයන ක්ෂේත්‍රයට සීයට 20ක පමණ දායකත්වයක් ලබා දෙනවා.


එනිසාම මේ නවීන සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නංවාලීම මූලිකම අපේක්ෂාවයි.


එතුලින් ලංකළින් ලංකාවේ ආර්ථිකය තවතවත් දියුණු වේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

No comments:

Post a Comment