Wednesday, October 18, 2023

දේශීය අනන්‍යතාවයන් රැසක් සමගින් නව නිෂ්පාදිතයන් වෙළඳපොළට හඳුන්වා දුන් දිරිය ව්‍යාපාරිකාව

 නීරෝගීකම උතුම්ම ධනය විදිහට තමයි අපි හැමෝම හිතන්න පුරුදුවෙලා ඉන්නේ.ඉතින් නිරෝගීකම පවත්වාගෙන යන්න අපිට බෙහෙවින්ම ඉවහල් වන ප්‍රධානම දෙයක් තමයි අපි එදිනෙදා බාවිතා භාවිතා කරන විවිධ ආහාරපාන.බහුතරයක් දෙනා  ආහාර පාන  වෙළඳපොලේ තිබුනත් සීයට සීයක්ම කාබනික පොහොර වලින් සකස් කළ එළවළු හා පලතුරුවලින් නිපද වූ දේවල් අපිට ලබාගැනීමට තියෙන්නේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයයි.


ඉතින් අද අපි කියන්න යන්නේ සීයට සීයක්ම කාබනික පොහොරින් සකස් කළ   එළවළු හා පලතුරුවලින් නව නිෂ්පාදන රැසක් ව්‍යාපාර ක්ෂේත්‍රයට හඳුන්වා දුන් දිරිය කාන්තාවක් පිළිබඳවයි.ඇය වත්තල ප්‍රදේශයේ පදිංචි නිර්මලා විජයරත්න මහත්මියයි.


ඇයගේ ව්‍යාපාරය sunshine යන වෙළෙඳ නාමයෙන් තමයි ලියා පදිංචි වෙලා තියෙන්නෙ.පුංචිම නිෂ්පාදනාගාරයක මෙහෙය වුනු ඇයගේ ව්‍යාපාරය අද වන විට නිෂ්පාදන පනස් දෙකක් පමණ වෙළඳපලට නිකුත් කිරීමට හැකි මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත්වී අවසන්.


ඇයගේ මේ සාර්ථක ගමන් මගේ ප්‍රධානම එක් ලක්ෂණයක් තමයි ඇය කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත නොකර කාබනික පොහොර භාවිතයෙන් තමයි එළවළු හා පලතුරුවලින් මේ සියලුම නිෂ්පාදිතයන් සිද්ධ කරන්නේ.කිසි වෙලාවක කෘතිම රසකාරක වර්න කාරකයන් ඇය කල්තබා  ගැනීම වෙනුවෙන් බාවිතා කරන්නේ නැහැ.ඒ නිසාම ඇයගේ සියලුම නිෂ්පාදන වල සැබෑ එළවළු සහ පලතුරු වල පැහැය දකින්නට ලැබෙනවා.


ඇය නිෂ්පාදනය කරන නිෂ්පාදිත අතර ඇය මුලින්ම කෝමාරිකා ජෙල් එකක් හදනවා,ඊට පස්සේ කෙසෙල්මුව වලින් සුවිශේෂී බැදුමක් එවගේම බිලිං,මාදන්,කාමරංකා නෙල්ලි වැනි පලතුරු යොදාගෙන විවිධ පාන වර්ග සහ මාළු ඇඹුල් තියාල් ඉස්සො බැදුම අච්චාරු වගේ නිෂ්පාදන රැසකුත් වෙළෙඳපොළ වෙනුවෙන් ලබා දෙනවා.


ඇය ලංකාවේ විවිධ ප්‍රදේශ වල කාබනික පොහොර පමණක් භාවිතා කර වගා කරන වගා කරුවන් ගෙන් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගන්න  නිසා සියයට සියයක්ම මේ ද්‍රව්‍ය වල කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැහැ කියලත් ඇයට සහතික කරන්න පුළුවන්.



ඇය මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුල ඉඳන්ම අවබෝධයක් තිබ්බ කෙනෙක්.ඇය ගෘහ ආර්ථික විද්‍යාව උගන්වන ගුරුවරියක්. එනිසාම කාලෙක පටන් ඇයට ආසාවක් තිබිලා තියෙනවා තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න.ඊට පස්සේ 2012 වර්ෂයේදී ඇය ප්‍රදර්ශනයකට සහභාගී වීම  සඳහා ඉල්ලීමක් කරනවා.ඇයගේ ඉල්ලීම සලකා බලා ඇයට අවස්ථාව ලැබුණා මේ ප්‍රදර්ශනයට සහභාගි වෙන්න.ඒ වෙද්දී ඇය ළඟ තිබුණෙ කෝමාරිකා ජෙල් එක සහ කෙසෙල් මුවවලින් පිළියෙල කළ බැදුම විතරයි.


කෙසේ නමුත් මුලදී ලොකු අත්දැකීමක් තිබ්බේ නැතත් පසුව ඇයගේ නිෂ්පාදිත වල රස සහ පෙනුම නිසාම බහුතරයක් දෙනා ඇයව දිරිමත් කරන්න පටන් ගත්තා.ඒ දිරිමත් කිරීමත් සමගම තමයි සීයට සීයක් කාබනික නිෂ්පාදිත වලින්ම නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය වස විස  නැතුව සෞඛ්‍යාරක්ෂිතව ඇයට වෙළෙඳ පොළට රැගෙන ඒමට හැකියාව ලැබුණේ.


ඇයගේ ව්‍යාපාරය ලංකාවේ විතරක් පැතිරුණු ව්‍යාපාරයක් විදිහට ඉදිරියේ දී පවතින එකක් නැහැ.හේතුව මේ වන විටත් මේ ව්‍යාපාරයට විදෙස් රටවල් වලින් පවා ඇනවුම්  ලැබෙනවා.එනිසාම ඉතාමත් ඉක්මනින් විදෙස් අපනයනය ඉලක්ක ගත කරමින් ඇයගේ නිෂ්පාදිතයන් විදෙස් වෙළඳ කළ කරා ලඟා වේවි.


ඉතින් කාන්තාවක් ලෙස ඇය ආ මේ ධෛර්යසම්පන්න ගමන් මගට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.





No comments:

Post a Comment