Thursday, October 19, 2023

ඉවතලන ද්‍රව්‍ය යොදාගෙන පැළ කළ හැකි පැන්සල්, වෙඩින් කාර්ඩ් නිර්මාණය කරමින් අලුත් ව්‍යාපාරයක් හඳුන්වාදුන් දිරියවන්තිය



 අලුත් අලුත් දේ කරන අලුත් අලුත් දේ සොයන පුද්ගලයන්ට ඇත්තටම ලෝකය ලස්සන කරන්න පුළුවන්. ලෝකයක් ඉස්සරහට යන්නනම් අලුත් අලුත් සිතුවිලි එවගේම නවෝත්පාදනයන් නිරන්තරයෙන්ම සිදු විය යුතුයි.


එවිට යාවත්කාලීන වූ ලෝකයක් තුළින් තවත් බොහෝ දුරට අනාගතය දකින්න පුළුවන්.අද අපි කියන්න සූදානම් වෙන්නේ  ඒ විදිහට ලංකාව කියන මේ පුංචි රටේ ඉදන් අලුත් දෙයක් කරන්න අලුත් දෙයක් සොයන්න උත්සාහ කරපු දිරිය කාන්තාවක් පිළිබඳවයි.


ඇය බෙන්තර ආරච්චි මුල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායිකාවක්.ඇයගේ ව්‍යාපාරය Agra Home and Event Designers වන අතර ඇය ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරන්නේ ඉවතන කඩදාසි ප්‍රතිචක්‍රිය කරමින්  විවිධ දේ ඒ හරහා නිෂ්පාදනය කිරීමයි.


ඇය ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදනය කරනු ලබන්නේ නැවත පැළ කළ හැකි පැන්සල් නිෂ්පාදනයක්.ඇය සඳහන් කරන ආකාරයට ඇය මේ නිෂ්පාදනය ලංකාවේ බහුතරයක් දෙනා අතරට යවන්නේ සීයට සීයක්ම දේශීය නිර්මාණයක් වශයෙන්.



ඒ කියන්නේ ඇය යන්ත්‍ර සූත්‍ර හා රසායනික ද්‍රව්‍ය බාවිතයෙන් තොරව අගේ දෑතින් ම මේ නිර්මාණ සිද්ධ කිරීම තමයි විශේෂත්වය.ඒ වගේම පෑන අසුරනු ලබන්නේ ඉවත ලන කඩදාසි හා තේ සෑදීමෙන් පසු ඉතිරි වන  තේ මණ්ඩි ප්රතිචක්රියකරණය කර නිපදවනු ලබන කඩදාසි බහාලුමක් ආධාරයකින්.


ඒ විතරක් නෙවෙයි පෑන්සලේ අග ඇති  ලී රදවනයක මිරිස් ඇට  ඇතුලත්  කර ඇති බැවින් පැන්සල ලියා අවසන් වූ පසුව එය පැල කිරීමට ද හැකියාව තියෙනවා.ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ පරිසර හිතකාමී පැන්සලක්  ලෙස ඇයගේ වෙළඳපොලට යැවීම තමයි ඇයගේ මූලිකම අරමුණ.




ඒ විතරක් නෙවෙයි ඉවත ලන විවිධ ද්‍රව්‍ය යොදාගෙන මංගල ඇරයුම්පත් නිෂ්පාදනය කිරීමටත් ඇයට හැකියාව තියෙනවා. මෙවැනි ක්‍රියාවලි තුළින් කඩදාසි අපද්‍රව්‍යයක් ලෙස පරිසරයට මුදා හැරීමෙන් සිදුවන හානිය අවම ගැනීමට අපට හැකියාව තියෙනවා.



ඉතින් ඇය විසින් ආරම්භ කරපු මෙ පුංචි ව්‍යාපාරය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.

No comments:

Post a Comment